මිනිසාගේ තොරතුරු හුවමාරු ක්රියාවලියේ ප්රබලම මෙවලමක් වුණ ගුවන් විදුලිය වෙනුවෙන් වෙන් වූ දිනයක් තිබෙන බව ඔබ දන්නවාද? ඒ පෙබරවාරි 13 හෙවත් අද දිනයයි. ඉතින් මේ සුවිශේෂී දිනය බ්රැන්ඩික්ස් අපේ රේඩියෝ එකටත් වටිනා දවසක්. දශකයකට අධික කාලයක් බ්රැන්ඩික්ස් සමූහයේ සාමාජික සාමාජිකාවන් 20, 000කට ආසන්න ශ්රාවක පිරිසකට සතුට, රසවින්දනය වෙනුවෙන් වැඩසටහන් රාශියක් ඉදිරිපත් කරන්නට බ්රැන්ඩික්ස් රේඩියෝ අපට හැකිවුණා. ඒ ගැන නිහතමානී ආඩම්බරයකින් සතුටු වෙන ගමන් තව තවත් ඔබ වෙනුවෙන් වින්දනීය වැඩසටහන් ඉදිරිපත් කරන්නට අපි සැදී පැහැදී සිටින බව කියන්නට කැමතියි.
ශ්රාවක සැමට නිරන්තරයෙන් රස වින්දනය රැගෙන එන කාලීන වැඩසටහන් ඉදිරිපත් කරන්න බ්රැන්ඩික්ස් රේඩියෝ හි රත්මලාන ආයතනය නියෝජනය කරමින් සමිත් රංගනත්, රඹුක්කන ආයතනයෙන් දුලංජලී පැල්පිටත්, මීරිගම ආයතනයෙන් එරංගා අධිකාරි යන සුදක්ෂ නිවේදක නිවේදිකාවන් අපේ අන්තර් සම්බන්ධීකාරක සාමාජිකයින් විදියට කටයුතු කරනවා. මේ පිරිස විතරක් නෙවේ ලංකාවේ ප්රවීණ නිවේදක නිවේදිකාවන්, ජනප්රිය නිවේදක නිවේදිකාවන් බොහෝමයක් අප සමඟ අත්වැල් බැඳගනිමින් ශ්රාවක රසවින්දනය උදෙසා කටයුතු කළා. ඉතින් තවත් සහශ්රයක් පුරාවටත්, ඉන් ඔබ්බටත් ගුවන සිසාරා බ්රැන්ඩික්ස් හඬ ප්රතිරාව නංවන්නට ජවයෙන්, ප්රබෝධයෙන් යුතුව බ්රැන්ඩික්ස් රේඩියෝවේ අපි අත්වැල් බැඳගෙන සිටින බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්. ඉතින් රේඩියෝව වෙනුවෙන් වෙන් වූ මේ සුවිශේෂී දවස ඉදිරියට තව තවත් සුවිශේෂී කරගන්නට හැකි සෑම විටම අපි කැපවෙන බව ශ්රාවක සියලු දෙනාට මහත් සතුටින් යුතුව දන්වන්නෙමු