ලොවේ දිදුලන අභිමානය ඇයයි

ලොව අපූර්වතම නිමැවුම ලෙස සලකන ගැහැණිය වනාහි නිරතුරුවම තමාත්, තම අවට සිටින අයත් දිදුලවන්නීය. සිය සුසිනිඳු දෑත්වලින්, මුදු පියකරු වදන් වලින් ඈ වටා සිටින සියල්ලන්ගේ යහපතම පමණක් පතන්නී ඇයයි. මවක්, බිරිඳක්, යෙහෙලියක්, සහෝදරියක් ලෙස සිටිමින් පවුලේත් රැකියාවේත් නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව තමා අතින් විය යුතු යුතුකම් වගකීම්වලටත් වඩා එහා ගිය කර්තව්‍යයක් එදා සිට අද දක්වාම කාන්තාව විසින් ඉටුකරනු ලබනවා. ඉතින් මේ උදාර වූ සේවයක් ඉටු කරන ඇය වෙනුවෙන් ඇගේ අයිතිවාසිකම් වෙනුවෙන්, ඇයව ඇගයීම වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් දිනයක් නියම වෙලා තිබෙනවා. ඒ මාර්තු මස 8 වෙනිදා යි. මෙවර ජාතික කාන්තා දිනය සඳහා තේමාව වන්නේ “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක්” යන්නයි.

බ්‍රැන්ඩික්ස් සමූහයේද කාන්තාවන්ට හිමිවන්නේ විශේෂ තැනක්. අපගේ මෙහෙයුම් ජාලයේ මූලිකම අදියරයේ සිට ඉහළම තැන දක්වා සුවිශේෂී වගකීම් සම්භාරයක් දරන්නා වූ ඇය, බ්‍රැන්ඩික්ස් සමූහයත් දිනෙන් දින දිදුලවන්නට පබලු මුතු පොටක පබලු සේ එක්ව ප්‍රබෝධයෙන් යුතුව කටයුතු කරන බව නොරහසක්. ඉතින් එවන් අපරිමේය සේවයක් රටටත්, පවුලටත් ඉටු කරන සුවහසක් කාන්තාවන් වෙත අප සියලු දෙනාගේ ගෞරවනීය උත්තමාචාරය හිමිවිය යුතුමය. බ්‍රැන්ඩික්ස් අපගේ රට පුරා පිහිටි ශාඛාවන්වල කාන්තා දිනයට සමගාමීව විවිධ සැමරුම් සංවිධානය කෙරුණේ කාන්තාවන්ගේ වටිනාකම් හොඳින්ම අප වටහාගෙන සිටින නිසාමයි. සෙනෙහසේ සිහිල් ජල ධාරාවක් ලෙසින් ජීවිතයේ විඩා නිවා සනහාලන, මුදු පිය වදනින් ද, කාන්තා ලාලිත්‍යයෙන් ද සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නට සවි ශක්තිය ඇති ස්ත්‍රිත්වය වනාහි සැබවින්ම ඇගයුමට පාත්‍ර විය යුතුමය.

 

Facebook
Facebook