සීතල ද උනුහුම ද නෑ පපුව තැකුවේ
ජීවිතය දිය කරල දරු නමට පෙව්වේ
හෙට දිලෙන හීනයක මිණි කිරුළු දුටුවේ
ආදරය පපු ගැඹුරෙ මහ පවුරු සැදුවේ
මහ කන්ද සේ විටෙක තේජස්ව නැගුනා
පිඩ වෙඩරු සේ විටෙක උණුවීල දැවුණා
හැම කඳුළ නුඹ ළඟම දියවීල මැකුනා
පිය රජුනි නුඹ මෙමට බුදු විලස පෙනුනා
පිය නගන මාවතට නුඹෙ සෙවණ වැටුනා
බිය දැනෙන හැමතැනම ඔය සුවඳ දැනුනා
ගුළි වෙන්න උණුහුමට ඔය පපුව තිබුණා
තනි වෙන්නෙ අද කොහොම නුඹ නැතුව බැරුවා
කුණු ගන්න එන බවට පවසාන නාදේ
හැමදාම හිමිදිරියෙ මගෙ දෑස තෙමුවේ
අප්පච්චි නැතිවාට ඒ පුරුදු නාදේ
මගෙ සවණෙ පතුලින්ම අද තාම රැව්දේ
ඩී . තිවංක ශ්රීමාල් දිසානායක
බ්රැන්ඩික්ස් නිවිතිගල