කැපවීම සහ උනන්දුව මතින් තම රැකියා ජීවිතයේ ජය ගන්නට වෙර දරන දිලීපා ප්රශාදනී ඉමේෂිකා පිළිබඳ අපි කතාබහ කරන්නේ හරිම සතුටින්.රැකියා ජීවිතය ආරම්භ කරන තැන ඉඳලා අද ඇය ඉන්න තැන ගැන හිතද්දී ඉමේශිකා ගැන ආඩම්බරයක් ඇතිවෙනවා.ඉමේශිකා ලැබෙන ඕනෑම අභියෝගයක් ජයගැනීමේ විශේෂ හැකියාවක් තියෙන සාමාජිකාවක්.දක්ෂතාවය තුළින් පමණක්ම සාර්ථකත්වය සොයාගෙන යන්න අපහසු බව ඉමේශිකාගෙන් ඉගෙන ගත හැකි පාඩමක්. දක්ෂතාවයට උවමනාව එකතු වුණාම තමයි අරමුණු කරා යන්න පුළුවන්.
රැකියා ජීවිතය තුළ වගේම පෞද්ගලික ජීවිතය තුළත් බලාපොරොත්තු වන අරමුණු කරා යන්නට ශක්තිය දෛර්යය ලැබේවායි වියමන් අපි ප්රාර්ථනා කරමු.