බ්‍රැන්ඩික්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් මහතාගෙන් නව වසරේ සුබ පණිවිඩය!

උදා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුබ නව වසරක් වේවායි මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා.

අපි 2026 වසර ආරම්භ කරන මෙම අවස්ථාවේදී, ගෙවී ගිය වසර පිළිබඳව කෙටි මතක් කිරීමක් කිරීමට මම කැමතියි.

2025 වසරේදී විවිධ අභියෝග මතු වුණත්, ඉහළ ගුණාත්මකභාවය, නිසි වේලාවට ගනුදෙනුකරුවන්ට භාණ්ඩ ලබා දීම සහ පිරිවැය කළමනාකරණය මඟින් අපගේ ඉලක්ක වෙත ළඟා වීමට අපට හැකි වුණා. අපට පාලනය කළ හැකි දේ පිළිබඳව අවධානය යොමු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට අපට හැකි වුණා.

ගංවතුර වැනි ස්වාභාවික විපත්වලදී ඔබ දැක්වූ සහයෝගය සහ කැපවීම අතිශයින් අගය කළ යුතුයි. එය අපගේ ආයතනික සංස්කෘතියේ අභියෝග හමුවේ නැගී සිටීමේ ශක්තිය මැනවින් පෙන්නුම් කළා.

බ්‍රැන්ඩික්ස් ‘F1’ සංකල්පය හරහා අපගේ මැහුම් ශිල්පීන් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් නවීන තාක්ෂණයද එකතුකර ගනිමින් ඉදිරියට යාමට අපට හැකි වුණා.

තාක්ෂණය වේගයෙන් වෙනස් වෙමින් පවතී. 2026 වසරේදී අපගේ ඉලක්කය වන්නේ තාක්ෂණය නිවැරදිව භාවිත කරමින් අපගේ වැඩකටයුතු සරල කර ගැනීම සහ තරගකාරීත්වය ජය ගැනීමයි.

ලෝකයේ දේශපාලන සහ ආර්ථික තත්ත්වයන් වෙනස් විය හැකි වුවත්, අප ඒ පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව එයට සරිලන පරිදි හැඩගැසිය යුතුය. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, නව නිපැයුම් හරහා ඔවුන්ට විශිෂ්ට සේවාවක් සැපයීම අපගේ ප්‍රධාන අරමුණයි.

මේ සියලු ජයග්‍රහණවල සැබෑ ශක්තිය වන්නේ ඔබයි. කර්මාන්තශාලා සාමාජික සාමාජිකාවන්ගේ සිට නායකත්ව කණ්ඩායම දක්වා ඔබ සැමගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට අපි දිගටම ආයෝජනය කරන්නෙමු.

අපගේ ‘Brandix Maxims’ සහ සාරධර්ම අප ගන්නා සෑම තීරණයකටම පදනම වේ. අපගේ සාරධර්ම ආරක්ෂා කරමින්, අඛණ්ඩව ඉගෙන ගනිමින් වැඩ කළහොත් ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අපට හැකි වනු ඇත. පසුගිය වසරේ ඔබ දැක්වූ කැපවීමට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.

ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

 

Facebook
Facebook