සැමගේ සිත් දිනාගත් දිල්කි මලීෂා...

සිනහවෙන් සහ ළෙංගතුකමෙන් පමණක් නොව, තම කැපවීමෙන් ද සැමගේ සිත් දිනාගත් ඇය බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ දිල්කි මලීෂා. පසුගිය වසරේදී මැෂින් ක්‍රියාකාරිනියක් ලෙස ආයතනයට එක් වූ ඇය, ඉතා කෙටි කාලයකින් කැපී පෙනෙන චරිතයක් බවට පත්විය.

අද වන විට ආයතනික ඉලක්ක ජයගනිමින්, ආයතනයේ දියුණුව වෙනුවෙන් ක්‍රියා කරන දිල්කි, තමා සතු දැනුම, හැකියාව සහ නිර්මාණශීලීත්වය මැනවින් හඳුනාගනිමින් තම වගකීම් නිවැරදිව ඉටුකරයි. තමන්ගේ වෘත්තීය සිහින සැබෑ කරගැනීමේ අරමුණෙන් කටයුතු කරන ඇය අප ආයතනයට මහඟු සම්පතකි.

Facebook
Facebook