තාක්ෂණික අංශයට සවියක් වූ නිලූකා

අභියෝග හමුවේ නොසැලී, දිගුකාලීන සේවය සහ වෘත්තීය නිපුණත්වය තුළින් පෙරමුණටම යන නිලූකා හෙට්ටිආරච්චි, බ්‍රැන්ඩික්ස් එෂෙන්සල් සෙන්ටර්හි (Brandix Essential Center) තාක්ෂණික අංශයේ කාර්යමණ්ඩල නිලධාරිනියකි.

කාර්මික ලෝකයේ තාක්ෂණික අභියෝගයන් කියන්නේ ලෙහෙසි පහසු දේවල් නොවේ.

නමුත්, තමන් සතු සහජ දක්ෂතාවයත්, නොපසුබට උත්සාහයත් නිසාම ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකට ඉතාමත් සාර්ථකව මුහුණ දීමේ සුවිශේෂී හැකියාවක් නිලූකා සතුයි.

ඇයගේ වෘත්තීය ජීවිතයේ දකින්න ලැබෙන සුන්දරම මෙන්ම වටිනාම අංගය වන්නේ “සාමූහිකත්වයයි”. සැමවිටම කණ්ඩායම් හැඟීමේ අගය වටහාගෙන කටයුතු කරන ඇය, තම දීර්ඝ වෘත්තීය ජීවිතය තුළ ලැබූ අනර්ඝ අත්දැකීම් අනෙකුත් සාමාජිකයන් සමඟ බෙදාගන්නේ සමස්ත කණ්ඩායමේම ඉදිරිය වෙනුවෙනි.

ආයතනයේ උන්නතිය සහ දියුණුව වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන නිලූකා, බ්‍රැන්ඩික්ස් පවුලේ අප සැමටම මහඟු ආදර්ශයකි.

Facebook
Facebook