ජය ධජ නංවා දින දින පිබිදෙන බ්‍රැන්ඩික්ස් ඒකල

රටේ ආර්ථිකය වියමන් කරනා බ්‍රැන්ඩික්ස් සමූහයේ ආයතන අතරින් අද අපි ඔයාලට තොරතුරු අරන් ආවේ බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනය ගැනයි. වියමන් TV ‘ආයතනයක කතාවක්’ තුළින් අද ඔයාලට දැනගන්න පුළුවන් ජාත්‍යන්තරයෙන් පවා පිදුම් ලැබූ බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනයේ වැඩ කටයුතු කෙරෙන්නේ කොහොමද කියන එක වගේම ආයතනය ආරම්භයේ සිට මේ දක්වා ආ ගමන් මඟ ගැනත්.

ජාඇල ප්‍රදේශයේ ඒකල කර්මාන්තපුරය ආසන්නයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනය 1500කට අධික පිරිසකට රැකියා අවස්ථා ලබා දී රටේ ආර්ථිකයට ශක්තියක් වන ආයතනයක්. 2005දී බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයා ලිමිටඩ් නමින් මෙම ආයතනය ආරම්භ වුණා. වසර කිහිපයකට පසුව සාම්පල් නිෂ්පාදන අංශයක් ද මෙම ආයතනයේ ආරම්භ කළ අතර ඒත් සමග ආයතනය තවත් පුළුල් වුණා.

ලංකාව පුරා තිබූ නිෂ්පාදන ආයතන 9කට නායකත්වය දෙමින් Brandix Center of Inspiration නමින් කැෂුවල්වෙයා පර්ෂදයේ මූලස්ථානය ලෙස කටයුතු කළේ බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනයයි. ගැනුම්කරුවන්ගෙන් ඇණවුම් ලබා ගැනීම, ගැනුම්කරුවන්ට අවශ්‍ය සාම්පල් නිෂ්පාදනය හා ඒ සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීම බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනය මගින් ඉටු වන රාජකාරි වෙනවා.

ලොව ප්‍රධාන පෙළේ ගැනුම්කරුවන්කරුවන් කිහිප දෙනෙක්ම බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනය සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ Gap ආයතනය, Calvin Klein ආයතනය, Tommy Hilfiger ආයතනය වැනි විශිෂ්ට සන්නාම ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීමට බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනය හා සම්බන්ධ වී කටයුතු කරන්නේ බ්‍රැන්ඩික්ස් ගැන තිබෙන අචල විශ්වාසය නිසයි.

බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනයේ ප්‍රධාන ගැනුම්කරුවෙකු වන Gap ආයතනය පිරිනමන සම්මාන කිහිපයකින්ම පිදුම් ලබන්නට බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනය සමත් වුණා. 2016දී Outstanding Vendor Performance සම්මානය සහ Outstanding Vendor for Overall Excellence යන සම්මාන ද 2017 වසරේ පැවති Gap Supplier Summit හිදී Suplier of the Year සම්මානය ද දිනා ගන්නට බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනයට හැකි වුණා.

ඉහළ කළමනාකාරීත්වයේ සුහදශීලී බව නිසාම ඉතා සතුටෙන් සහ උද්‍යෝගයෙන් යුතුව රාජකාරි කරන්න ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු සාමාජික සාමාජිකාවන්ට පරිසරය සැකසී තිබෙනවා. රසදිය මංගල්‍යයේදී කිරුළු පලඳින්නට ද අවස්ථා කිහිපයකදීම බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනයේ සාමාජික සාමාජිකාවන්ට හැකි වුණා. දස්කම් පිරි ජවසම්පන්න තාරුණ්‍යය සමග තවත් ඉදිරියටම යන්නට බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනයට හැකි වේවා කියා වියමන් පවුලේ අපි සුබ ප්‍රාර්ථනා කරනවා!