කාලයේ රිද්මයට ස්මාර්ට් වුණ OneClick

කඩදාසියේ අකුරු කළ, රාජකාරි කටයුතු කළ කාලය ටිකෙන් ටික වෙනස් වෙලා අද වෙනකොට තාක්ෂණය එක්වෙලා තියෙනවා අපේ වැඩ කටයුතුවලට. අපේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක අපේ ගොඩක් රාජකාරි ඇඟිලි තුඩක දුරකින් කරගන්න පහසුකම සලසලා දීලා තියෙනවා. ඔයාලා දන්නවා බ්‍රැන්ඩික්ස් කියන්නේ කාලයේ රිද්මයට අලුත් වෙන ආයතනයක් කියලා. ඩිජිටල්කරණයට ලක් වෙමින් ඉදිරියට යන ලෝකය තුළ අපිත් අලුත් වෙන්න ඕන. බ්‍රැන්ඩික්ස් මානව සම්පත් සේවා අංශය OneClick ඇප් එක හඳුන්වා දුන්නේ තාක්ෂණයත් සමග ඉදිරියට යන ස්මාර්ට් පරපුරක් සමග බ්‍රැන්ඩික්ස් සමූහයේ කටයුතු වඩා කාර්යක්ෂමව සිදු කර ගැනීම අරමුණු කරගෙනයි.

මේ ඇප් එක හරහා බ්‍රැන්ඩික්ස් මානව සම්පත් සේවා ගැන තොරතුරු ඉක්මනින් දැන ගන්න කාර්ය මණ්ඩලය ඇතුළු සාමාජික සාමාජිකාවන්ට හැකියාව තියෙනවා. සේවා මුර පිළිබඳ තොරතුරු, අතිකාල සම්බන්ධ තොරතුරු, නිවාඩු අයදුම් කිරීම ආදී කටයුතු ඉතා පහසුවෙන් කාර්යක්ෂමව සිදු කරගන්න OneClick ඇප් එක මගින් හැකියාව ලැබී තිබෙනවා. වෙනදා නිවාඩුවක් අයදුම් කරන්න වැය වන කාලය පවා අවම වීම, කඩදාසි භාවිතය අවශ්‍ය නොවීම මේ ඇප් එක නිසා ලැබෙන වාසිසහගත තත්ත්වයන් විදියට හඳුන්වන්න පුළුවන්.

බ්‍රැන්ඩික්ස් සමූහය පුරා සියලුම සාමාජික සාමාජිකාවන් දැන් OneClick ඇප් එක භාවිතයට හුරුවෙලා ඉන්නවා. ඔවුන්ගේ ප්‍රසාදය මැද OneClick ඇප් එක මේ වෙනකම් දිගු ගමනක් ආවා වගේම ඉදිරියේදි ඇප් එක හරහා තවත් පහසුකම් අපේ සාමාජික සාමාජිකාවන්ට දෙන්න බ්‍රැන්ඩික්ස් සමූහය බලාපොරොත්තු වෙනවා.

OneClick ඇප් එක කියන්නේ ඩිජිටල් ලෝකය සමග ඉදිරියට යන බ්‍රැන්ඩික්ස් සමූහයේ එක් හඳුන්වාදීමක් විතරයි. ඉදිරියේදී තාක්ෂණය සමග වැඩ කටයුතු පහසු කර ගැනීමේ තවත් ක්‍රම හඳුන්වා දෙන්න අපි සූදානමින් ඉන්නවා. කාලයේ රිද්මයට අලුත් වෙමින් මේ ඩිජිටල් ලෝකය ඇතුළෙ අපිත් ජයග්‍රාහී ගමනක් යමු.