ලේ බිඳකින් මනු දැයට පණ පොවන බ්‍රැන්ඩික්ස්

රුධිර ඒකක 6,000කට ආසන්න ප්‍රමාණයක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පරිත්‍යාග කර අපේම මනු දැයට ජීවයක් දෙන්නට බ්‍රැන්ඩික්ස් අපි නැවතත් සමත් වුණ බව ඉතා නිහතමානී සතුටක් හිතේ දරාගෙන ඔයාලට දැනුම් දෙන්න අපි කැමතියි. 2022 වර්ෂයේදී සිදු කළ මෙම රුධිර පරිත්‍යාග ද සමග අඛණ්ඩව වසර 14ක කාලයක් පුරා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට බ්‍රැන්ඩික්ස් පවුලෙන් ලබා දුන් රුධිර ඒකක ප්‍රමාණය රුධිර ඒකක 40,000 ඉක්මවනවා.

11 වන වතාවටත් පෞද්ගලික අංශයේ වැඩිම රුධිර දායකයා ලෙස පිදුම් ලබන්නට බ්‍රැන්ඩික්ස් අපි මේ වෙනකොට සමත් වෙලා තියෙනවා. මෙවර බ්‍රැන්ඩික්ස් රුධිර පරිත්‍යාගශීලීන් අතර බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය, බ්‍රැන්ඩික්ස් මඩකලපුව ආයතනය, බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය, බ්‍රැන්ඩික්ස් පොලොන්නරුව ආයතනය, බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය සහ බ්‍රැන්ඩික්ස් රිදීගම ෆිනිෂින් ආයතනය ඉදිරියෙන්ම සිටිනවා. පිබිදුණු විසඳුම් තුළින් මනු දැය නංවනා බ්‍රැන්ඩික්ස් අපේකමේ අභිමානය ලොවටම කියාපාන්නට අපි වසර ගණනාවක් තිස්සේ සමත් වුණේ අප සමග අත්වැල් බැඳගෙන සිටිනා ප්‍රබෝධවත් සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම සහ දායකත්වය නිසයි.

2016, 2017 සහ 2018 වසරවල මෙරට සෑම රුධිර දායකයන් සියයකගෙන් එක් අයෙක් බ්‍රැන්ඩික්ස් පවුලේ සාමාජිකයෙක් හෝ සාමාජිකාවක් වීම අපගේ දායකත්වය කෙතරම් ද යන්න මැනවින් පෙන්වා දෙනවා. ඉදිරියටත් මනු දැය වෙනුවෙන් අපි සැවොම කැපවෙමු.