වැඩබිමේ පිබිදෙන විදුබිමේ සිහිනය

අධ්‍යාපනය ජීවිතයට ඉතා වටිනා ආයෝජනයක්. එහි වටිනාකම මේ මොහොතටත් වඩා අනාගතයේදී තවත් වැඩි වෙනවා. ඒ නිසයි බ්‍රැන්ඩික්ස් අපි ‘ශිල්ප’ නමින් වැඩසටහනක් 2018 වර්ෂයේදී ආරම්භ කළේ. බ්‍රැන්ඩික්ස් පියසට එක්වූ, විවිධ දුෂ්කරතා නිසා අධ්‍යාපන කටයුතු අතරමඟ නවතා දමා තිබූ සාමාජික සාමාජිකාවන්ට නැවත අධ්‍යාපනය සඳහා පිවිසෙන්නට ඉඩක් විවර කර දීම ‘ශිල්ප’ වැඩසටහන ඔස්සේ සිදු වෙනවා. ඒ තුළින් වෘත්තීය සුදුසුකම් සපුරාගෙන උපාධියක් කරා යාමට පවා ඔවුන්ට හැකියාව තිබෙනවා.

එම ‘ශිල්ප’ වැඩසටහනේ තවත් අදියරක් අතිසාර්ථකව නිම කරන්නට අපිට හැකි වුණා. එහි ප්‍රධාන වැඩසටහන බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතන පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් මෙම 20 වන දා පැවැත්වුණා. බ්‍රැන්ඩික්ස් ආයතන 6ක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 284 දෙනෙකු එහිදී NVQ අබිසෙස් ලැබුවා.

පිබිදෙන පරපුරක අධ්‍යාපන සිහිනයට ජීවය දෙන්නට බ්‍රැන්ඩික්ස් අපි 2018 වර්ෂයේ සිට මේ දක්වා කැප වූයේ රටේ අනාගතය භාර ගන්නට සිටින තරුණ පරපුර දැනුමෙන් සන්නද්ධ කරන්නට වගේම ඔවුන්ගේ ජීවිතවල යහපැවැත්ම තහවුරු කිරීමත් ආයතනයක් ලෙස අපගේ වගකීමක් සහ යුතුකමක් නිසයි. ‘ශිල්ප’ වැඩසටහන් තුළින් අභිෂේක ලබන අප සාමාජික සාමාජිකාවන් ඔවුන්ගේ සිහින විකසිත කරගෙන අනාගතයට ඉතා ජවසම්පන්නව මුහුණ දෙන අයුරු දෙස අප බලා සිටින්නේ ඉතා නිහතමානී සතුටකින් යුතුවයි.

‘ශිල්ප’ තුළින් අභිෂේක ලැබූ ඔබ සැමට පිබිදෙන හෙට දවසක ප්‍රබෝධයෙන් විකසිත වන්නට වියමන් අපගෙන් ශුභාශිංසන!