ජීවිතේ ප්‍රශ්ණ වලට විසඳුමක්

අද කාලේ අපිට නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි මේ ප්‍රශ්ණ කියලා කියන දේ. කෙනෙක් එක්ක කතා කලත් ප්‍රශ්ණ ගැන අපිට ඇහෙනවා, ටීවී එකේ නිවුස් බැලුවත් අපිට රටේ ප්‍රශ්ණ අහන්න ලැබෙනවා, කොටින්ම කිව්වොත් අද අපේ වටේම තියෙන දේවල් වලින් මේ ප්‍රශ්ණ කියන දේ අපිට අහන්න දකින්න ලැබෙනවා.

එතකොට මේ ප්‍රශ්ණ ඇත්තටම තියෙනවා ද? ඒකට උත්තරේ ඔව් වෙන්නත් පුළුවන්, නැහැ වෙන්නත් පුළුවන්. හැමෝටම තියෙන ප්‍රශ්ණ තම තමන්ට සාපේක්ෂයි. තමන්ට තියෙන ප්‍රශ්ණය අනිත් කෙනාට වැඩිය බලපාන්නේ නැති වෙන්න පුළුවන්. ඒකනේ අපි නිතරම කියන්නේ ප්‍රශ්ණේ තමන්ගේ වෙනතාක් කල් පිළිතුර දාර්ශණිකයි කියලා. ඒ නිසා මේ අපිට ඇහෙන සහ දකින්න ලැබෙන අනෙක් ප්‍රශ්ණ බොහෝමයක් අපිට වැඩි බලපෑමක් නැති සහ අපේ පාලනයේ නැති ප්‍රශ්ණ.

එතකොට එහෙනම් මේ අවට තියෙන ප්‍රශ්ණ අපිට බලපාන්නේ කොහොම ද? බොහොමයක් වෙලාවට මේක බලපාන්නේ අපි ඒවා ගැන දිගටම හිතන්න ගියාම. ඒ වගේම අපි ඒ නෙගටිව් දේවල් ගැන හිතන්න හිතන්න අපේ මනසත් නෙගටිව් වෙනවා.

මතකද අපේ නටාෂා බොරලැස්ස මහත්මිය එයාගේ කතාවේදී කිව්වා, තමන් හිතන දේ අනුව තමයි තමන්ගේ මානසිකත්වය තීරණය වෙන්නේ කියලා.

නටාෂා බොරලැස්ස මහත්මියගේ වැඩසටහන නරඹන්න මෙන්න ලින්ක් එක
https://youtu.be/_JpRyMhHxFk

නටාෂා බොරලැස්ස මහත්මියගේ වැඩසටහන කියවන්න මෙන්න ලින්ක් එක
https://viyaman.lk/2023/07/26/danathmaka-akalpa-thamai-apiwa-motivate-karanne/

එහෙනම්, හැකිතාක් දුරකට මේ අවට තියෙන ප්‍රශ්ණ වලට අවධානය යොමු කරන එක අපි නවත්තන්න උත්සාහ කරමු. නෙගටිව් දේවල් වලට අපේ කාලය ලබා දෙන එක නවත්තමු. හැකි තරම් පොසිටිව් විදිහට හිතන්න උත්සාහ කරමු.

එහෙම කරාම හැම දේම හරියයි ද? ඇත්තටම අපිට ඒ ගැන තියෙන්නේ බලාපොරොත්තුවක් විතරයි. අපිට පාලනය කරන්න පුළුවන් දේවල් තියෙනවා නම්, යහපතක් වෙනුවෙන් ඒ වෙනස්කම් අපි කරන්න උත්සාහ ගනිමු. ඉතුරු දේවල් අනාගතයට භාරයි. තමන්ට විසඳන්න බැරි ප්‍රශ්ණ ගැන දුක් වෙවී ජීවත් වෙනවා ද නැත්තම් තමන්ගේ පාලනයේ තියෙන වෙනස කරලා සුබවාදීව ජීවත් වෙනවා ද කියන එක තියෙන්නේ අපේ අතේමයි.

Facebook
Facebook