වෙනස එක්ක වෙනස් වෙමු - දෙවන කොටස

පසුගිය කලාපයේ අපි කතා කළේ ඩාවින්ගේ පරිණාමවාදය ගැන. උචිතෝන්නතිය ගැන ඔයාට පොඩි හරි අවබෝධයක් ඒකෙන් එන්න ඇති නේද? සරලව කිව්වොත්, වැල යන අතට මැස්ස ගහන්න පුළුවන්නම්, ගොඩේ ගොඩ! (හැබැයි හැම වැලක්ම යන අතට මැස්සවල් නම් ගහන්න යන්න එපා.)

කාලයට ගැළපෙන විදිහට  ජීවත් වෙන්න, මේ ලෝකේ ගැන අවබෝධයක් තියෙන්නම ඕන.

දැන් බලන්න පහුගිය දවස් වල, කඩදාසි භාවිතය අඩුකරන්න ‘OneClick’  ඇප් එක හඳුන්වලා දුන්නා. ලෝකේ කාලෙන් කාලෙට  අප්ඩේට් වෙනකොට, අපිත් එකතැන ඉඳලා හරියන්නෑනේ. විශේෂයෙන් ‘බ්‍රැන්ඩික්ස් අපි’ කොහොමටත් එක තැන ඉඳලා හරියන්නෑ. ඉස්සරහට යන්නම ඕනේ. ඉස්සරහට යද්දි ස්වභාවික සම්පත් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගන්න ඕන. ස්වභාවික සම්පත් ආරක්ෂා කරගෙන  ඉස්සරහට යෑම එහෙමත් නැත්තම්, සංවර්ධනය වෙතට ගමන් කිරීමට අපි ලස්සන වචනයක් කියනවා තිරසාර සංවර්ධනය කියලා.

හරි, අපි ආයේ කතාවට බහිමු. කලින් කීවා වගේ අප්ඩේට් වෙන්න අපි උත්සහ කරනකොට, අපේ ඔළුව ඇතුළෙ ඉන්න, සිතුවිලි කියන මනුස්සයා ඔයාව  සෘණ අදහස් වලින්, එහෙමත් නැත්තම් නෙගටිව් දේවල් වලින් පුරවන්න ගන්නවා.

අපෝ මේක හරියන්නෙ නෑ.
අපි දන්නෑ මේවා කරන්න.
කොළ පුරවන එක ලේසියි.
මේවා මහ පිස්සු වැඩ.

යන්තං කෝල් එකක් විතරක් ගන්න දන්න අපි කොහොමද මේවා කරන්නේ?

අපිට තියෙන්නේ පොඩි ෆෝන් එකක්නෙ, වගේ ලොකු ලොකු කතා පහුගිය කාලේ ඇහුණා. ඔයා නැවතිල්ලේ හිතලා බලන්න, ඔය හැම ලොකු කතාවක්ම ඔය විදිහට ඔයා කිව්වේ ඇයි? එහෙම කියන්න හේතුව මොකද්ද? හේතු වලට මුල් වෙච්ච පුද්ගලයා කවුද…? ඔයාමයි නේද? ඔයා වෙනස් වෙන්න අකමැති වුණාට ලෝකේ වෙනස් වෙනවා, අප්ඩේට් වෙනවා. හැබැයි ඔයා තාම එකම තැන. මේවගේ නෙගට්ව් දෙවල් වලින්  ඔයාගේ ඔළුව පිරෙන්නේ ඇයි? ඒ කියන්නේ ඔයා වෙනස් වෙන්න කැමතිම නෑ; තැනට උචිත විදිහට ඉන්න  දන්නේ නෑ.

අනේ මේක නම් මාර ලේසියි, නියමයි.

වෙලාව නාස්ති වෙන්නෙත් නෑ.

කරන්න ඕන විදිහට හුරු වුණහම වැඩේ ලේසියි,වගේ ධන  අදහස්, පොසිටිව් අදහස්  වලින් ඔයාගේ ඔළුව පිරෙනවානම්, සතුටු වෙන්න. ඔයාට ඕනම තත්ත්වයක් යටතේ ඔයාගේ පැවැත්ම තහවුරු  කරගන්න ඔයාට පුළුවන්.

ඒක නිසා අලුත් දේකට, සිස්ටම් චෙන්ජ් එකකට මුහුණ දෙන්න බය වෙන්න එපා. ඒක පොසිටිව් අරගෙන, අපහසු තැන් අවබෝධ කරගෙන, අනිත් අයගේ සහයෝගයත් අරගෙන, ඔයාගේ ගමන ඔයා යන්න.

වෙනසට වෙනස් නොවී හිටියොත්, ඔයාගේ පැවැත්ම තව දුරටත් ඉදිරියට ගෙනියන්න බැරි වේවි.

රංගන වඩුගේ

වෙනස එක්ක වෙනස් වෙමු – පළමු කොටස 

Facebook
Facebook