අගෝස්තුවේ බ්‍රැන්ඩික්ස් රුහිරු දාන

වසර පහළොවක් මුළුල්ලේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත අඛණ්ඩව රුධිරය දායක කරමින් දැයේ හදවත් ගණනාවකට ජීවය දුන් බ්‍රැන්ඩික්ස් ආයතනය මෙම වසරේ අගෝස්තු මාසයේදීත් එම කාර්‍යය සාර්ථකව අවසන් කළා.

රත්මලාන, රඹුක්කන හා මීරිගම 02 යන බ්‍රැන්ඩික්ස් ශාඛාවන් සියල්ලේ එකතුවෙන් මේ මාසයේදී ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පරිත්‍යාග කළ රුධිර පරිමාව පයින්ට් 318ක්.

මීරිගම 02 ආයතනයේදී සිදු කෙරුණු ලේ දන්දීමේදී තවත් විශේෂ කටයුත්තක් සිදුවුණා. එනම්, සාමාජික පිරිස වෙනුවෙන් සමරු සටහන් තැබීම සඳහා සමරු පොතක් නිර්මාණය කිරීමයි. එසේම, එහිදී ලේ ලබා දීමේ සහභාගීත්වය තහවුරු කිරීම වෙනුවෙන් ඇඟිලි සලකුණු සටහන් කිරීම ද සිදු කරනු ලැබුවා.

බ්‍රැන්ඩික්ස් සමූහය වසර ගණනාවක් තිස්සේම ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික රුධිර දායකයා ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය මඟින් ඇගයීමට ලක් වෙමින් තිබෙනවා.

2022 වර්ෂයේ දී පමණක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සාමාජික සාමාජිකාවන් විසින් ජාතික රුධිර පාරවිලයන ලබාදුන් රුධිර පරිමාව පයින්ට් 5700කට අධිකයි. 2011 වසරේ සිට බ්‍රැන්ඩික්ස් සමූහය විසින් රුධිර පයින්ට් 42,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කොට තිබෙනවා. එසේම, රුධිරය පරිත්‍යාග කරනු ලබන, ශ්‍රී ලාංකිකයන් සිය දෙනෙකුගෙන් එක් අයෙක්, බ්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයෙක් වනවා.

මෙලෙස, රෙදිපිළි අතර ඉහළම සන්නාමයක් ලෙස පමණක් නොවේ, සමාජ සුබසාධන කටයුතු වලදී පවා බ්‍රැන්ඩික්ස් සමූහය ගෞරව ලබමින් හිණිපෙත්තේම වැජඹෙන්නේ, මේ කටයුතු සඳහා,  අපේ සාමාජික සාමාජිකාවන් දක්වන උද්‍යෝගය හා උනන්දුව බව අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු කාරණයක්.