ඔයාව රීචාජ් කරගමු ද?

මහන්සි ද? කම්මැළි ද? එපා වෙලා වගේ ගතියක් දැනෙනව ද? එකම දින චර්‍යාව, එකම විදියට ගෙවිලා යන දවස් නිසා උදාසීන ගතියක් දැනෙනව ද?

ඉතිං එහෙම නං ඇයි තවත් ප්‍රමාද? ඔයා ඔයාවම රීචාජ් කරගන්න.

ටිකක් නැවතිලා හොඳ හුස්මක් ගන්න. ඔයාගෙ කාමරේ අස් කරගන්න. තියෙන බඩු එහෙ මෙහෙ කරලා අලුත් විදියකට හදාගන්න. අල්මාරිය අස් කරගන්න. ඇඳට අලුත් ඇඳ ඇතිරිලි දාගන්න.

ඔයාට කරන්න තියෙන වැඩ ලැයිස්තුවක් හදාගෙන එකින් එක කරන ගමන් ඒ ලැයිස්තුවෙන් එක එක කපලා දාන්න. සමීප කෙනෙක් එක්ක ඇවිදින්න යන්න. අවශ්‍ය කෙනෙක්ට උදව්වක් කරන්න. නිදහසේ කැමතිම සිංදු ටිකක් අහන්න. ඔයාගෙ බෑග් එක අස් කරගන්න. Youtube එකට ගිහින් Relaxing music කියලා සර්ච් කරන්න. එන ඒවගෙන් ඔයා කැමති එකක් තෝරගෙන හවස් වරුවට ඒ සංගීතෙ රස විඳින ගමන් ඔයාගෙ වැඩ ටික කරගන්න. ඔයාගෙ ෆෝන් එකේ වෝල් පේපර් එක, ස්ක්‍රීන් සේවර් එක, රිඟින් ටෝන් එක වෙනස් කරගන්න. කාලෙකින් හරියට කතා කරන්න බැරි උන සමීපම කෙනෙක්ට කතා කරන්න. මෙච්චර කල් Facebook, Tiktok පාවිච්චි කරපු විදිය වෙනස් කරලා ඔයාට මොනවහරි දෙයක් අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් බලන්න. නිදාගන්න යද්දි ෆෝන් එක පැත්තකින් තියන්න.

හිතන විදිය ටිකක් වෙනස් කරගන්න. ඔයා ගැන සෘණ විදියට හිතන එක නතර කරගන්න. මොහොතකට නැවතිලා ඔයා කොච්චරක් දුර ඇවිත්ද කියලා හිතලා බලන්න. ඔයා කොච්චර ශක්තිමත් ද, ධෛර්යවන්ත ද, කරුණාවන්ත ද කියලා හිතලා බලන්න. අලුත් විදියකට දවස පටන් ගන්න. තමන්ට හැකි උපරිම ඵලදායී විදියට දවස ගෙවන්න. තෘප්තිමත් විදියට දවස ඉවර කරන්න.

ඔයා රීචාජ් වෙන විදිය ඔයාටම දැනෙයි!