රසදියෙන් නිමැවුණු බ්‍රැන්ඩික්ස් සලකුණ

රසදිය මංගල්‍යය කියන වචන දෙක ඔයාලා හැමෝටම හරිම සමීප, හුරු පුරුදු වචන දෙකක්. ඒක වචන දෙකකට එහා ගිය හැඟීමක්. රසදිය කියන්නේ සුවිශේෂී ලෝහයක්. ද්‍රවයක් විදියට පවතින එකම ලෝහයත් රසදිය. දැන් ඔයාලාට හිතෙනවා ඇති ඇයි මේ රසදිය ගැන කියන්නේ කියලා. බ්‍රැන්ඩික්ස් අපේ ලෝගෝ එක නිර්මාණය කරලා තියෙන්නේ රසදියෙන්. අපි රසදිය ලෝගෝ එක සඳහා යොදාගත්තෙත් රසදිය කියන්නෙ බ්‍රැන්ඩික්ස් වගේම සුවිශේෂීත්වයක් තියෙන දෙයක් නිසයි.

ද්‍රවයක් විදියට පවතින එකම ලෝහය වුණ රසදිය ඉතාම නම්‍යශීලී ලෝහයක්. රිදී පාටින් බැබළෙන මේ ලෝහය සතු ගුණාංග බ්‍රැන්ඩික්ස් අපේ වටිනාකම් සහ ගුණාංග එක්ක හොඳට ගැළපෙනවා. සුවිශේෂී අනුවර්තන හැකියාව සහ නම්‍යශීලී බව නිසා මේ ලෝහය වඩාත් විශේෂ වෙනවා. ඉතා අඩු උෂ්ණත්වයේදී රසදිය ඝන තත්ත්වයට පරිවර්තනය වෙනවා වගේම ඉහළ උෂ්ණත්වවලදි රසදිය වායුවක් බවටත් පත් වෙනවා. බ්‍රැන්ඩික්ස් කියන්නෙත් රසදිය වගේ විශේෂ ගුණයන් සහ වටිනාකම්වලින් යුත් සන්නාමයක්. කාලයේ තාලයට ගැනුම්කරුවන්ගේ ඉල්ලීම අනුව අලුත් නිෂ්පාදන ලෝකයට දායාද කරන්න අපි සැමදා උත්සහ කරන්නේ අපේ ඒ සුවිශේෂීත්වය නිසාමයි. ලෝකයට පිබිදුණු විසඳුම් ලබා දෙමින් ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉදිරියටම යන ආයතනයක් බවට බ්‍රැන්ඩික්ස් නම් දරා සිටින්නේ ඒ සුවිශේෂ බව නිසා කියලා ඔයාලා හැමෝම දන්නවා.

ප්‍රබෝධවත් වෙනසක් සමග අලුත් වන බ්‍රැන්ඩික්ස් ලෝගෝ එකෙන් නියෝජනය වන වටිනාකම් ගැන කතාව හැදුණ හැටි අපි ඉක්මනින්ම ඔයාලට කියන්නම්. ඉතින්, ඒ කතාව දැනගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න.