සිංහල සාහිත කෙත අස්වද්දන බ්‍රැන්ඩික්ස් අංකුර සාහිතවේදියෝ

“මං පොතක් කරන්න හිතන් හිටිය මනුස්සයෙක් නෙවෙයි, පොඩි කාලෙ ඉඳලා මගේ තිබුණා අවිධිමත් ලිවීමක්. ගුරුවරු දැකලා මාව දිරිමත් කළා ඔයාට ලියන්න පුළුවන් කියලා. මට මාව හොයලා දුන්නා.”

අබිරහස් කුරුලු කන්දේ වික්‍රමය කියන ළමා කතා පොත ලියූ ඔහු,  බ්‍රැන්ඩික්ස් නිවිතිගල ශාඛාවේ තිවංක එස්. දිසානායක. ඔහු, සිංහල සාහිත කෙත අස්වද්දන්නට දායක වෙන අංකුර ලේඛකයෙක්, සිංහල සාහිත්‍යය තුළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සාඩම්බර නියෝජනයක්.

ඒ වගේම ඔහු ලේඛකයෙක් විතරක් නෙවෙයි, කවියෙක්. ඔහුගේ නිර්මාණ එළි දැක්වීම ගැනත් ඔහු අපිත් එක්ක අදහස් දැක්වූවා.

“මගේ කවි පොත මං නම් කරලා තියෙන්නෙ විජය මං කුවේණි කියලා, ඒ පොතත්, අභිරහස් කුරුලු කන්දේ වික්‍රමය කියන යොවුන් නවකතාවත් එක්ක මං නුදුරේදිම පාඨකයො හම්බ වෙන්න මඟ බලාගෙන ඉන්නවා.”

තිවංක වගේම සිංහල සාහිත්‍යය තුළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සාඩම්බර නියෝජනයක් වන නිශී එහෙමත් නැත්නම් නීශා මධුරංගි ඒ වගේම අංකුර කිවිඳියක්. ඇයට කිවිඳියක් ලෙස සමාජය තුළට යන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ලැබුණු පිටිවහල ගැන ඇය අපි එක්ක අදහස් බෙදාගත්තෙ මෙහෙම.

“බ්‍රැන්ඩික්ස් වියමන් හරහා මං තරඟ වලට කවි ඉදිරිපත් කළා. ඊට පස්සෙ හොඳම නිර්මාණ දහය අතරට මගේ නිර්මාණයත් තේරෙනවා. මට ඒ නිර්මාණ දහය අතරට මගේ නිර්මාණය තේරීමත් ලොකු සතුටක්. එතනිනුත් හැබැයි මම පළවෙනි ස්ථානය ලබා ගන්නවා. බ්‍රැන්ඩික්ස් ආයතනයේ හැමෝම මාව දිරි ගන්වනවා නිර්මාණ කරන්න කියලා.”

ඉතිං බ්‍රැන්ඩික්ස් අපි, සාහිත්‍යමය හැකියාවන්ගෙන් පිරුණු අපේ දක්ෂයින්ගේ හඬවල් සාහිත්‍ය මාසයේ දී ලෝකයටම ගෙනියන්නට මේ අයුරින් දායක වෙනවා.