රසදියෙන් නිම වුණ බ්‍රැන්ඩික්ස් සලකුණේ කතාව

වෙනස් වන ලෝකය එක්ක නිරන්‍තරයෙන් නව්‍යකරණය වන බ්‍රැන්ඩික්ස් තවත් වෙනසක් වෙනුවෙන් පියවර තැබුවා. අපි ඔයාලාට මීට කලින් කිව්වා රසදියෙන් නිම වුණ බ්‍රැන්ඩික්ස් ලෝගෝ එකෙන් නිරූපණය වන අගයන්වලට අපි නව මුහුණුවරක් දෙන්න යන බව. වෙනස් වන ලෝකයේ අවශ්‍යතා අනුව ගැනුම්කරුවන්ගේ ඉල්ලීම්වලට සරිලන පරිදි අලුත් වෙන්න අපි හිතුවා.

ප්‍රබෝධවත් වෙනසක් එක්ක නිරන්තරයෙන් අලුත් වෙන ඇඟලුම් සන්නාමයක් වුණ බ්‍රැන්ඩික්ස් සතු ගුණාංග එක්ක රසදිය කියන වටිනා ලෝහය සතු විශිෂ්ට ගුණාංග හරි අපූරුවට ගැළපෙනවා කියලා ඔයාලා දන්නවනේ. මේ කියන්න යන්නේ බ්‍රැන්ඩික්ස් ලෝගෝ එකෙන් නිරූපණය වෙන බ්‍රැන්ඩික්ස් අගයන්ට අලුත් මුහුණුවරක් එකතු කළ අපේ කතාව.

කාලයත් එක්ක අපි හැමෝම අප්ඩේට් වුණේ නැත්නම් අපිට රඳා පැවැත්මක් නැති වෙනවා. ලෝකයටම පිබිදුණු විසඳුම් දෙන ඇඟලුම් සන්නාමයක් වුණ බ්‍රැන්ඩික්ස් ඒ ඒ කාලවලට අනුගත වෙමින් කටයුතු කළ නිසා තමයි මේ තරම් දුර ගමනක් සාර්ථකව එන්න ලැබුණේ. මේ ගමන එන්න අපිට හේතු වුණ අපේ වටිනාකම් කීපයක්ම තියෙනවා. එයින් ප්‍රධානම වටිනාකම් එහෙමත් නැත්නම් ගුණාංග තුන තමයි නම්‍යශීලී බව, නවෝත්පාදනය සහ තිරසර බව කියන්නේ. බ්‍රැන්ඩික්ස් ලෝගෝ එකේ නිරූපණය වෙන්නේ මෙන්න මේ කියන වටිනාකම් තුන ගැන. ඒ කියන්නේ අපේ ගනුදෙනුකරුවන් එක්ක ගනුදෙනු කරද්දි අපි ලබා දෙන අගයන් ගැන.

නම්‍යශීලීව ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙමින් ඉදිරියට යාමේ හැකියාව බ්‍රැන්ඩික්ස් අපිට තියෙනවා. ඒ විදියට ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිමත් සාමාජික සාමාජිකාවන්ගෙන් සැදුණු විශිෂ්ට කණ්ඩායමක් අපිට ඉන්නවා. ඒ වගේම ඇඟලුම් ක්ෂේත්‍රයට නව නිපැයුම් හඳුන්වා දෙමින් වෙනස් වෙන ලෝකයට වෙනසක් දායාද කරන්නත් අපි හැමදාම උත්සහ කළා, ඉදිරියටත් උත්සහ කරනවා. ඇඟලුම් ලොවට නව්‍යකරණයෙන් යුත් නිෂ්පාදන ඉදිරිපත් කරමින් නව වෙනසක් කරන්න අපි හැම අවස්ථාවකම කටයුතු කරනවා.

තිරසර බව කිව්ව ගමන්ම ඔයාලට මතකයට එනවා ඇති අපේ හරිත තිරසර ව්‍යාපෘති ගැන. හරිත තිරසර යටතේ මිහිමව පුබුදුවාලන්නට අපි ඉතාම කැපවීමෙන් කටයුතු කළා. මේ මිහිමව මත දහස් ගණනක් පැළ රෝපණය කරමින්, හරිතාගාර වායු විමෝචනය අවම කරමින්, සූර්ය ශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභව බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවල වැඩ කටයුතු සඳහා යොදාගනිමින් අපේ කර්මාන්තශාලා සියල්ලේම කාබන් විමෝචනය ශුද්ධ ශූන්‍ය තත්ත්වයට ගෙන එන්න අපි කටයුතු කරමින් යනවා. මේ වන විට බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා 6ක කාබන් විමෝචනය ශුද්ධ ශූන්‍ය තත්ත්වයට ගේන්න අපේ තිරසර ගමනේදි අපි සමත් වුණා.

පිබිදුණු විසඳුම් සමග ඉදිරියට යන බ්‍රැන්ඩික්ස් අපි මේ අලුත් අගයන් එක්ක පරිවර්තනීය වෙනසක් සමග නව ජවයකින් ඉදිරියටම යන්න සූදානම්…