අප්පච්චි

දියවරක් සේ ගලන
මහ සාගරය මගේ
පපුතුරේ හොවාගෙන
දුන් සෙනෙහෙ නිමි නොවේ
රන් වැටක් සේම හිඳ
මගේ දිවි සුරැකුවේ
ආදරෙයි අප්පච්චි
තියෙන තුරු දිවි මගේ

පෙර කරපු පිනකටයි
ඔබේ දියණිය උනේ
ඒ උනත් මේ සසර දැන් හරිම වෙහෙසනේ
කටුක බව සොදුරු කර
දරා ගන්නට ලොවේ
අප්පච්චි දෙස බලයි
හුරු උනේ මේ භවේ

චතුරිකා
බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය

Facebook
Facebook