ඔක්තෝම්බරයේ බ්‍රැන්ඩික්ස් රුහිරු දාන

බ්‍රැන්ඩික්ස් රුහිරු දාන, ලේ දන්දීමේ වැඩසටහන සෑම මසකම බ්‍රැන්ඩික්ස් ආයතන කිහිපයක් ඒකාබද්ධව සිදු කෙරෙන සුවිශේෂී වැඩසටහනක්. ගෙවුණු ඔක්තෝම්බර් මාසයේදීත් එම වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වුණා. මේ සඳහා ඒකල, මීරිගම, රත්මලාන ෆිනිෂින්, ගිරිතලේ සහ පොළොන්නරුව යන බ්‍රැන්ඩික්ස් ආයතන වල දායකත්වය හිමි වුණා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ හතරවන  දා බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනයේදීත්, 13 වන දින බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනයේදීත්, 25 වන දින බ්‍රැන්ඩික්ස් ෆිනිෂින් රත්මලාන ආයතනයේදීත් මෙම ලේ දන් දීමේ වැඩසටහන් පැවැත්වුණා. බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනයේ දී මෙම වැඩසටහන පැවැත්වුණේ ඔක්තෝම්බර් 20 වන දා. එසේම ඔක්තෝම්බර් මස 14 වන දින බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනයේදීත් මෙම වැඩසටහන පැවැත්වුණා.

ඔක්තෝම්බර් මස රුහිරු දාන වැඩසටහනේ දී ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට බ්‍රැන්ඩික්ස් වෙතින් පරිත්‍යාග කෙරුණු රුධිර පරිමාව පයින්ට් 607 ක්. අඛණ්ඩව සිදු කෙරෙන මෙම වැඩසටහන්, බ්‍රැන්ඩික්ස් සමූහය වසර ගණනාවක් තිස්සේම ශ්‍රී ලංකාවේ විශාලතම ආයතනික රුධිර දායකයා ලෙස ඇගයීමට ලක්වීම සහතික කරන්නක්.

රුධිර පයින්ට් 5700කට අධික ප්‍රමාණයක් 2022 වසරේ දී පමණක් බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් විසින් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පරිත්‍යාග කර තිබෙනවා.  2011 වසරේ පටන්ම බ්‍රැන්ඩික්ස් සමූහය විසින් එම මධ්‍යස්ථානයට පරිත්‍යාග කොට ඇති රුධිර පරිමාව පයින්ට් 42,000 කට අධිකයි. රුධිරය පරිත්‍යාග කරනු ලබන, ශ්‍රී ලාංකිකයන් සිය දෙනෙකුගෙන් එක් අයෙක්, බ්‍රැන්ඩික්ස් සමූහයේ සාමාජිකයෙක් වීමත් කැපී පෙනෙන කරුණක්.

මේ සඳහා වන බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ සක්‍රීය දායකත්වය, එම වැඩසටහන සාර්ථකවත්, අඛණ්ඩවත් සිදු කරගෙන යාමේ සුවිසල් සවිය බව සැබැවින්ම නොරහසක්.