යහපතේ ආලෝකය ලොව පුරා පැතිරෙන ආලෝකයේ උත්සවය දීපවාලි

හින්දු ජනයාගේ ඉතා වැදගත් උත්සවයක් වන දීපාවලී සැමරුම, ඉතා විචිත්‍ර, ආලෝකමත් උත්සවයක්. දීපම් යන්නෙන් පහනත් ආවලි යන්නෙන් පෙළට තැබීමත් අරුත් ගැන්වෙනවා. එම නිසා, පහන් එක පෙළට දල්වා, ආලෝකයේ ආලෝකය වන දෙවියන්ට නමස්කාර කිරීමේ සුබ දිනය දීපාවලි හෙවත් දිවාලි යන්නෙන් අරුත් ගැන්වෙනවා. දීපවාලි සැමරීමට හේතු කිහිපයක් සහ බොහෝ පුරාණ කථා තිබෙනවා. දීපාවලී දිනයේ දී ක්‍රිෂ්ණ දෙවියන් විසින් නාරකසුර යක්ෂයා ජයගත් බව පැවසේ. රාමා, ඉතා බලවත්, රුදුරු රාවණා විනාශ කොට, අයෝධ්‍යාවට නැවත පැමිණි බවත් පැවසෙනවා.

දීපාවලි දිනයේ දී සෑම කෙනෙකුම තෙල් ගා ස්නානය කර, පසුව වැඩිහිටියන්ගෙන් ආශිර්වාද ලබා ගෙන, නව ඇඳුම් පැළඳුම් වලින් සැරසී දේවාලයට ගොස් දෙවියන්ට නමස්කාර කරනු ලබනවා. හින්දු ජනයා විසින් තම නිවෙස්, පහන් සහ රංගෝලී එනම් පොළොව මත අඳිනු ලබන සැරසිලි වලින් අලංකාර කෙරෙනවා. මේ අයුරින් දීපවාලි උත්සවය ඉතා ප්‍රීතියෙ යුතුව සමරනු ලබන්නේ ඉහත දැක්වූ ආකාරයට ආගමික වතාවත් ද ඉටු කරමින්.

වියමන් ටීවී වියමන් වන්දනා විශේෂාංගය හරහා මෙවර දීපාවලී දිනය වෙනුවෙන් ඔබ වෙත ගෙන එන මේ වැඩසටහන සිදු කෙරුණේ වත්තල හේකිත්ත ශ්‍රී ශිව සුබ්‍රමනියම් ස්වාමි දේවස්ථානයේ සිටයි.