“මං විවාහ වුණාට පස්සෙ විදේශගත වුණා. ඒත් මේ කාලෙ පුරාවටම මම චිත්‍ර අඳින්න පුරුදු වෙලා හිටියා. මං චිත්‍ර අඳින්න පුරුදු වුණේ මට අවුරුදු නවයෙදි විතර. මගේ දෙමව්පියෝ චිත්‍ර අඳින්න මාව ගොඩක් දිරිමත් කළා. මං ඒ වෙනුවෙන් මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ස්තූතිවන්ත වෙනවා.” ඇගේ කලා හැකියාව වැඩි දියුණු කරගෙන තිබුණේ ඉතාම කුඩා වයසක සිටයි.
“… පස්සෙ මං මනෝවිද්‍යාව හදාරන්න පටන් ගත්තා. මං මනෝවිද්‍යාව, මානසික සෞඛ්‍යය ගැන ඉගෙන ගත්තා. මං ඒකට ගොඩක් ආස වුණා. ඒකෙන් මට ඇත්තටම ප්‍රායෝගික දැනුමක් ලැබුණා අපිට පුළුවන් දේවල් කරන්නම පුළුවන් කියලා, ඒක හින්දයි මං ඒකට ගොඩාක් ආස වුණේ.” ඇය මනෝවිද්‍යාව ඉගෙන ගැනීමට පිවිසුණු ආකාරයත් අප සමඟ බෙදාහදා ගත්තා.
“අවුරුදු කීපෙකට කලින් මට දැනගන්න ලැබුණා බ්‍රැන්ඩික්ස් මානසික සෞඛ්‍යය ගැන වැඩසටහනක් පටන් ගන්න යනවා කියලා, මට කියන්න තේරෙන්නෑ මං ඒ මොහොතෙ කොච්චර උද්දාමයට පත් වුණාද කියලා. ඉතිං මං දැන් මෙතන සේවය කරනවා, මගේ කණ්ඩායමත් එක්ක වැඩ කරනවා. මම කාන්තාවන් පණස් දහසකට වැඩි ප්‍රමාණයක් එක්ක කටයුතු කරලා තියෙනවා.” බ්‍රැන්ඩික්ස් ආයතනය සමඟ එකතු වෙලා ඇය ඉටු කරපු මෙහෙය ගැන ඇගේ අදහස් ඇය ඉතා අභිමානයෙන් එලෙස අප සමඟ බෙදාගත්තා.
ඇය ආත්ම විශ්වාසයෙන් පිරී ඉතිරී ගිය කාන්තාවක්. එය ඇයට ඇගේ මවගෙන් උරුම වූවක් බව ඇය අප සමඟ කියා සිටියා.
“මං හිතනවා මට මගේ ආත්ම විශ්වාසය ආවෙ අම්මගෙන් කියලා. මගේ අම්මා ගෑනු ළමයි පස් දෙනෙක්වත්, හුඟක් වෙලාවට ගෙදර නොරැඳී සමාජ සේවයේ යෙදුණු සැමියෙක්වත් බලා ගත්තා.”
අවසානයේ මේ කතාබහ ආරම්භ කළාක් මෙන්ම ඉතාම ධනාත්මක සිතිවිල්ලකින් ඇය වියමන් ටීවී පිබිදුණු අපි සමඟ එක්ව කළ කතාබහ අවසන් කළා.
“මං මුලින් කිව්ව විදියට මං හිතනවා අපි තමයි අපේම ජීවිත හදාගන්නෙ. අපිම ඒක වර්ණවත් කරගන්නවා. මොන යම් සීමාවකට අපි වර්ණ පාවිච්චි කළත් අපි අපේ ජීවිත වඩාත් දීප්තිමත් කරගන්නවා.”