පොඩිත්තන්ට තිළිණ කෙරුණු මනුසත්කාර

බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් බල ගැන්වීම හා ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා බ්‍රැන්ඩික්ස් මනුසත්කාර යටතේ ක්‍රියාත්මක කෙරෙන ‘බ්‍රැන්ඩික්ස් මනුසත්කාර තිළිණ’ මේ වසරේදීත් පැවැත්වුණා.

වසර අටක පටන් ක්‍රියාත්මක වන බ්‍රැන්ඩික්ස් මනුසත්කාර තිළිණ හරහා මේ වන විට පාසල් උපකරණ පණස් දහසකට අධික ප්‍රමාණයක් බෙදා දීම සිදු කර තිබෙනවා.

‘මනුසත්කාර තිළිණ’ ප්‍රධාන අරමුණු ලෙස අනාගතයට උගත් තරුණ පරපුරක් දායාද කිරීමත්, බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට දායක වීමත් දැක්විය හැකියි.

මෙවර බ්‍රැන්ඩික්ස් මනුසත්කාර තිළිණ බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයේ දී පැවැත්වුණු අතර අපේ සාමාජික සාමාජිකාවන් මේ පිළිබඳව දැක්වූයේ ඉතාම සතුටුදායක ප්‍රතිචාරයක්.