වෙනසෙහි නියමුවන් වන්න

අද වියමන් ටීවී ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනෙන් අප සමඟ කතාබහට එක්වන්නේ බ්‍රැන්ඩික්ස් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ නඳුන් ප්‍රනාන්දු මහතායි. ආයතනයේ දියුණුව සඳහා ආයතනික මට්ටමින් වගේම ආයතනයේ සාමාජිකයින්ට ද කරන්න පුලුවන් දේවල් ගැන අප ඔහු සමඟ සාකච්ඡා කළා.

මේ කතා බහේදී  බ්‍රැන්ඩික්ස් ආයතන සමූහයේ ප්‍රධාන අරමුණු පිළිබඳව ඔහු සඳහන් කළා.  මුලින්ම On Time Delivery එහෙම නැත්නම් ගැණුම්කරුවන්ට පොරොන්දු වුණ ආකාරයටම, නියමිත දිනයටම, නිසි ප්‍රමිතියෙන් යුතුව ඇඟලුම් නිෂ්පාදන ලබාදීම ආයතනයේ ප්‍රධානම අරමුණක් බව ඔහු කිව්වා. ඒ වගේම ආයතනයේ සේවය කරන සාමාජිකයන්ට ඉතා හොඳ මාසික ආදායමක් ලබාදීමත්, ගැනුම්කරුවන්ට මිළට ගන්න පුළුවන් වෙන විදියට අවම නිෂ්පාදන වියදමක් පවත්වාගැනීම තවත් ප්‍රධාන අරමුණු කියලා ඔහු සඳහන් කළා.

ඒ වගේම අලුතින්ම හඳුන්වා දී ඇති Smart Factory සංකල්පය ගැන මෙහෙයුම් අධ්‍යක්ෂ නඳුන් ප්‍රනාන්දු මහතා අදහස් දැක්වූයේ මේ අයුරින්, “ මේ  Smart factory සංකල්පය යටතේ අංග 12ක් අපි ඉදිරිපත් කරල තියෙනවා. මේ Smart factory එකෙන් වෙන්නේ ආයතනයේ සේවය කරන සාමාජික සාමාජිකාවන්ගේ දැනුම, අවබෝධය, පලපුරුද්ද නූතන තාක්ෂණය සමඟ සුසං‍යෝජනය කරලා දැනට කරන රාජකාරිය පෙරට වඩා ඵලදායීව මෙන්ම උපරිම වේගයකින් සහ ගුණාත්මක බවකින් සිදු කිරීමයි”. මේ සංකල්පය සාර්ථක කර ගන්න ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ සහයෝගය, කැපවීම අත්‍යවශ්‍ය බව ඔහු කියා සිටියා. විශේෂයෙන්ම මෙම වෙනස සිදු කිරීම සඳහා ආයතනයේ සියලු දෙනා නියමුවන් වී කටයුතු කළහොත් ඉතා කෙටි කාලයකින් ආයතනයේ හැමෝටම සුබදායී අනාගතයක් ළඟා කරගන්න හැකියාව ලැබෙන බවයි මෙහෙයුම් අධ්‍යක්ෂ නඳුන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.