මොනවද මේ ESG?

ESG කියන කෙටි යෙදුමෙන් අදහස් වෙන්නෙ Environment (පරිසරය), Social (සමාජය) සහ Governance (පාලනය) කියන දේවල්. ESG සංකල්පය දර්ශකයක් භාවිතා කරලා මේ කිව්ව ක්ෂේත්‍ර තුනේ දී සමාගමක් කොයි තරම් දුරට සාර්ථකව ක්‍රියාත්මක වෙනවද කියලා මැනගන්න පුළුවන්.

E හරහා සමාගමෙන් පරිසරයට සිදුවෙන බලපෑමත්, S මගින් සමාගමෙන් සමාජයට සිදුවෙන බලපෑමත් G මගින් සමාගමේ නායකත්වය හා පරිපාලනය ගැනත් ඇගයීමක් සිදු කෙරෙනවා. මේ ක්ෂේත්‍ර තුනේ විශිෂ්ටතාව පෙන්නුම් කරන ආයතන වල පැවැත්ම ඉතාම ඉහළයි.

බ්‍රැන්ඩික්ස් අපි ESG සඳහා අනුගත වෙලා තියෙන්නේ කොහොමද?

බ්‍රැන්ඩික්ස් ආයතන සියල්ලේම සෝලර් පැනල් පද්ධති සවි කරලා තියෙනවා. ඉතාම පහසුවෙන්, මූලික වියදමෙන් පසුව නොමිලේම විදුලි උත්පාදනයට මේවා යොදා ගන්න පුළුවන්.

ඒ වගේම බ්‍රැන්ඩික්ස් කර්මාන්තායතන වල අපිරිසිදු ජලය පිරිපහදු කිරීමෙන් නැවත ප්‍රයෝජනයට ගන්නවා. වැසි ජලයත් අපතේ යාමට නොදී එක් රැස් කරලත් ප්‍රයෝජනයට ගන්නවා.

බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන සංකල්පය යටතේ එම ගම්මාන වලට පිරිසිදු ජලය ලබා ගැනීමට නළ ජල පහසුකම් ලබා දීලා තියෙනවා.

ඒ විතරක්ද, බ්‍රැන්ඩික්ස් මනුසත්කාර ව්‍යාපෘතිය යටතේ ලක්ෂ අටකට අධික පාසල් දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ආධාර උපකාරත් ලබා දීලා තියෙනවා.

බ්‍රැන්ඩික්ස් අපි ESG දර්ශකයෙන් ඉහළම අගයක් ලබාගෙන තියෙන්නේ එහෙමයි.