ලෝක නවෝත්පාදන දිනය අලුත් අදහසින් හැඩ කරමු.

ලංකාවේ වියත් උගතෙක් ලෙස සැලකෙන මුනිදාස කුමාරතුංග මහතා වරක් පවසූ පරිදි ‘ අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී’ යන වැකියෙන් විස්තර කරන ආකාරයට අලුත් දේවල් බිහි නොකරන රටක්, ජාතියක් දියුණු වන්නේ නැත. ඇත්තටම කිව්වොත් ලෝකය මේ දක්වා දියුණු වන්නට හේතු වෙලා තියෙන්නේ මේ අලුත් සොයා ගැනීම් නිසාමයි. ඉතින් ඒ අලුත් සොයාගැනීම් කරන පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ව අගය කිරීම සඳහා එක දිනයක් වෙන් කර තිබෙනවා. ඉතින් ඒ දිනය තමයි අප්‍රේල් 20 වැනිදා කියල කියන්නේ. මේ දිනයට ලෝකයේ බොහෝ රටවල්වල නව නිපයුම්කරුවන්ගේ නිමැවුම් අගය කරන්න, ඔවුන්ට සම්මාන, ත්‍යාග ලබා දෙමින් ඔවුන්ව තවත් දිරිමත් කරන්නට කටයුතු කරනවා.

ආදි කාලයේ මිනිසා ගල් පතුරු දෙකක් එකට අතුල්ලා ගින්දර සොයා ගත්තේ නැත්නම්, තෝමස් අල්වා එඩිසන් මහතා විදුලි බල්බය සොයා ගත්තේ නැත්නම් තවමත් අපි අමු මස් කමින් ජීවත්වන පිරිසක් වනු ඇත. අදටත් චාල්ස් බැබේජ් නම් විද්‍යාඥයා පරිගනකය සොයාගෙන නැත්නම් අපි අන්තර්ජාලය පිළිබඳව හාංකවිංසියක්වත් නොදන්නා අය වනු ඇත. ඒ විතරක්ම නෙවෙයි දරුණු ලෙඩරෝගවලට  බෙහෙත්, පිළිකා සුව කරන ක්‍රම ආදිය පිළිබඳවත් කිසි කෙනෙක් සොයාගෙන නොතිබ්බා නම් ලෝකයේ බොහෝ පිරිස් අද ජීවතුන් අතර නැති වෙන්න ඉඩ තිබුණා. ඉතින් මේ දේවල්වලින්ම අපිට පැහැදිලි වෙන දෙයක් තමයි නව නිපයුම් කියන්නේ ලෝකයේ දියුණුවට වැදගත්වන අපූරු නිර්මාණ බව. ලෝකය දිනෙන් දින දියුනු වන්නට නව නිපැයුම්  තිබිය යුතුබ බව දැන් අපි හැමදෙනාටම පැහැදිලිවන කරුණක්.