ඉගිල්ලිලා යන කාලය මැනේජ් කරගමු

ඉගිල්ලිලා යන කාලය මැනේජ් කරගමු

කාලය කියන්නේ මාර ඉක්මනට ගෙවෙන දෙයක්. ඒකට සීමා මායිම් දාන්න අපි කාටවත්ම හැකියාවක් නහැ. නිකමට බලන්න ඔයා දිහා. පුංචි කාලේ ඉඳන් මේ වෙනකම් ඔයා කොච්චර නම් දුරක් ඇවිල්ලද? කාලය කොච්චර නම් ඉක්මනට ගෙවිලද? සමහර විට ඔයා දැන් තරුණවිය ගෙවන ගමන් ඉන්න කෙනෙක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් මැදි වයසේ විවාහ ජීවිතය ගෙවන ගමන් දරුවන්ගේ යුතුකම් වගකීම් ඉටුකරන මවක්, පියෙක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් දරුවන්ගෙ දරුවන් සුරතල් කරන කෙනෙක් වෙන්න ඇති. සමහරවිට ලොකු වගකීමක් නැති තනිකඩව ජීවත්වෙන කෙනෙක් වෙන්න ඇති. ඒත් මේ හැමදෙනාටම කාලය කියන දේ ගොඩක් වැදගත් දෙයක්. අපි හැමෝම කුඩා කාලයේ ඉඳන් මේ වෙනකම්ම විවිධ අභියෝග, ජයග්‍රහණ ජයගෙන අද ඉන්න තැනට එන්න කොච්චරක් නම් කාලය කැප කරාද කියන එක දන්නේ අපි විතරයි. ඉතින් මෙන්න මේ කාලේ වටිනාකම තවත් වැඩි කරගන්න්නෙ කොහොමද කියලා අපි බලමු.

මුලින්ම අද දවසේ කරන්න ඕනෙ වැඩ මොනවද කියලා ලැයිස්තුවක් හදාගන්න ඕනේ. මේකෙන් අපිට වැඩ මඟ හැරෙන එක වලක්වා ගන්න පුලුවන්. ඒ වගේම අපි ඉක්මනින්ම ඉවර කරගන්න ඕනෙ වැඩ ඉක්මනින්ම ඉවර කරල දාන්න වගබලා ගන්න ඕනේ. ඉලක්ක කියන්නේ ජීවිතේ හැමදාමත් අපිට ඕනෙ දෙයක්. මේ වැඩේ මේ වෙලාවට මෙච්චර කාලෙකින් කරනවා කියන ඉලක්කය අපිට ඒ වැඩේ කරන්න motivation එකක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ගොඩක් ලොකු වෙලාවක් යන, ලොකු වෙහෙසක් දරන්න වෙන වැඩ කුඩා කොටස්වලට බෙදාගෙන කරන්න පුලුවන් නම් අපිට තියෙන මානසික ආතතියත් ගොඩක් අඩුවේවි. ඒ විතරක් නෙවෙයි එකපාරින් වැඩ ගොඩක් කරන්න යනවට වඩා එක පාරකට එක වැඩක් කරන එකෙන් වැරදීම් අඩුවෙනවා වගේම වැඩ ඔක්කොම පැටලෙන එකත් මඟහැරෙනවා. මේ හැමදේකටම වඩා වැදගත්ම දේ තමයි මේ වැඩ අස්සෙත් ඔයාගෙ ශරීරයට වගේම මනසටත් පොඩි විවේකයක් ගැනීම. එහෙම කලා කියලා වැඩ අතපසු වෙන්නේ නැහැ. තවත් ප්‍රබෝධයක් ලැබෙන එක තමයි ඒකෙන් වෙන්නේ. මොන දේ කරත් තමන් ප්ලෑන් කරපු වැඩ ටික හරියටම වෙලා ද? කියලා නම් දවස අවසානේ තහවුරු කරගන්නම ඕනේ. ඉතින් මෙන්න මේ වගේ අපෙන් ඉක්මනටම ගිලිහිලා යන කාලේ කළමනාකරණය කරගන්න වැදගත්වෙන මේ කරුණු ඔයත් ඔයාගේ දින චර්යාවට එකතු කරගන්න අමතක කරන්න එපා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *