ඔයා නොදන්න දෙයක් !

ඔයා දන්නවද ඔයාව වටින ඔයාට වටින දේවල් ඔයා මැරෙනකම්ම ඔයා එක්කම ඉන්නවා කියලා. පොඩ්ඩක් හිතන්න ඔයා ආදරේම ආසම නෑදෑයෙක්, යාලුවෙක් කාලයක් තිස්සේ ඔයාට මඟ හැරිලා තියෙනවා. ඒත් මොකක්ම හරි හේතුවකින් ඔයාලා ආයෙම හමුවෙනවා අනිවාරෙන්ම. පාරේ යන එන ගමන්,  එහෙම නැත්නම් කොහේ හරි තැනකදී අහම්බෙකින් වගේ දැක්කොත් පුදුම වෙන්න එපා. ඒක තමයි විශ්වයේ නීතිය. ඔයාට නොගැලපෙන නැවත හමු නොවිය යුතු අය ඔයාගෙන් ඈත් කරලා ඔයාට යහපත පතන අය ඔයාට ළං කරන්නේ ඔයාට ඇහෙන පේන්නෙ නැති දේවල් විශ්වයට ඇහෙන නිසා. පේන නිසා. ඉතින් ඕනෙමයි කියලා හිතින් දුක් විඳපු මිනිස්සුන්ව ජීවිතේ තියෙන තුරාවට ආයෙ කවදාවත් ඔයාගෙ ඉස්සරහට එන එකක් නෑ. සොබා දහමේ, විශ්වයේ නීතිය ඒකයි. ඔයාව විනාශයට ඇදල දාලා ගියපු මිනිස්සු වෙනුවෙන් දුක් නොවී ඔයාගේ ගමන ඔයා යන්න. දවසක ඔයා ජීවිතේ දිහා ආපස්සට හැරිල බලද්දී ඔයා ගැනම ආඩම්බර වේවි. ඒ වගේම ඔයාට වටින දෙයක්, ඒ කියන්නේ වාහනයක් එහෙමත් නැත්නම් සිනින මවාගෙන ඉන්න රැකියාව වගේ දෙයක් ඔයාට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ඔයා වැඩ කරන්න. ඒ දේ ගැන සිහින මවන්න. ඒ දේ ඔයාට ලැබෙනවාමයි කියල විශ්වාස කරන්න. ඉක්මනින් නැතත් ඔයාට සුදුසු වෙලාවට ඒ දේ ලැබේවි.

ඒ විතරක් නෙවෙයි, ජීවිතේ සාර්ථක කරගන්න නම් ඔයා කවුරු නැතත් තනියම නැගිටින්න, ජීවත් වෙන්න වගේම විනෝද වෙන්නත් පුරුදු වෙන්න. මොකද කවදාම හරි ඔයා තනිවෙන දවසක් එනවා. එදාට හැමෝම නැතත් ඔයා තනියෙන් නැගිටින්න පුලුවන් වෙන විදියට ජීවත් වෙන්න. ඒක තමයි ඔයාට ජීවිතේ හයියක් වෙන්නේ කවදාකම හරි. ඉතින් මේ දේවල් හිතට අරන් ජීවිතේ ඉදිරියට ගෙනියන්න ඔයාට කවදාවත් වරදින එකක් නැහැ.