කසාදේ

සෙනූ අහන්නකෝ
ඔව් කියන්න සේයා මට හිතෙනවා අපිදෙන්න මහ ගෙදරින් වෙන් වෙලා හිටිය නම් හොඳයි කියලා
ඒ මොකද එහෙම කියන්නේ එක පාරටම
නෑ නිකන් මට හිතුණා
නෑ නෑ නිකන් වෙන්න බෑ..හේතුව කියන්න… ඔයාට මොකක් හරි වැරැන්ද්දක් වුණාද
නෑ ඉතින් මට හිතුණා.. එතකොට අපිට ඕනෙ විදියට ගමන් යන්න,කැමති විදියට කන්න බොන්න පුලුවන් නේ..අනික යාලු වෙලා හිටපු කාලෙට වඩා අපි ගොඩක් දුරස් වෙලා වගේ දැනෙනවා මට.. හරියට මේ ඉස්සරහ තියෙන මුහුදයි ඈත පේන අහසයි වගේ දැන් අපි..
පිස්සුද සේයා එහෙම නෑ මේ අපි ඉන්නේ හොඳට. එදා වගේම තමයි අදත්..
හ්ම්ම්.. ඒ ඔයා හිතන් ඉන්න හැටි සෙනුර..
හරි මට කියන්නකෝ ඔයාට එහෙම හිතෙන්න හේතුව.. මෙතන අපි දෙන්න විතරනේ ඉන්නේ..
එහෙමමත් නෙවෙයි.. නංගිලා අම්මලා ගෙදර හිටපුවාවේ.. අපි දෙන්න දැන් වෙනම පවුලක් නේ..
ඇයි එහෙම කිව්වේ.. එයාල මොනව හරි කිව්වද
නෑ එහෙමමත් නෑ.. ඒත් මට හිතෙනවා..අපේ පාඩුවේ ඉන්න තිබ්බ නම් හොඳයි කියලා. දන් බලන්නකෝ ඔයාගෙ නංගිට කිසි ගානක් නෑ එයා හැමවෙලේම ඔයා එක්ක කොහේ හරි ඇවිදින්න යන්න හදපු ගමන්මයි. ගෙදර හිටියත් ඔයා එක්කමයි..අපිට නිදහසේ කතා කරන්න ගමනක් යන්න විදියක් නෑ. අද වුණත් අපිට පොඩි වෙලාවකට හරි මෙහෙම නිදහසේ ඉන්න හම්බුණේ නංගි එයාව රෑටත් බලලාම යන්න කියලා වද දුන්න නිසානේ..හෙට හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් කරනවා කියලත් එයාට ගනක් නෑ මම ශෝට් ලීව් අරන් ආව නිසා හොඳයි…
හ්ම්ම්.. අයියෝ එයා එහෙම තමයි.. ඔයාට නම් පිස්සු සේයා..ඒ මගේ නංගි නේ..
එයා නංගි වුණාට එයා පොඩි ළමයෙක් නෙවේ නේ..
අනේ මනස්ගාත හිතන්න එපා සේයා…දැන් වෙලාවත් හරි.. යමු හොස්පිට්ල් එකට.. නංගිව ඉක්මනට බලලා යමු අපි.
සේයා සුසුමක් හෙලා මුහුද දෙස බලා හිඳ සෙනුර පසුපස රෝහලට යයි..
සෙනුරගේ නංගි රුෂානි රෝහලක ඇඳක් මත දුරකතන සංවාදයක සිටිනු පෙනෙයි.
රුෂානි- හරි හරි බං උඹ වරෙන්කෝ. අයිය දැන් එයි.. උඹල දෙන්නට තනි වෙන්න ඇරලා මම පැත්තකින් ඉන්නම්..

නෑ නෑ. අක්ක එන්නෙ නෑ.. මට නම් පේන්න බෑ ඒකිව. වැඩ ඇරිලා ගෙදර යන්න ඇති.
එවිටම අයියා සහ නෑනා එනු දකියි.ඉක්මනින් මිතුරියට සමුදී දුරකතනය තබයි.
මවා ගත් සිනහවකින් රුෂානි,
ආහ් අයියලා ආවද? අක්කත් ඇවිත්නේ.. අපරාදෙ අක්ක නම් එන්න මහන්සි වුණේ.. ගෙදර යන්න තිබ්බනේ..
සේයා.. නෑ අනේ අයියත් එක්කම යන්න කියලා මම ආවා ඔයාවත් බලලාම ගෙදර යන්න. ඒ සමඟම සෙනුරට කෝල් එකක් එයි. ඔහු එය කනේ ත්බාගෙන වාට්ටුවෙන් එළියට යයි. සේයාද කතා බහක් නැතිව රුෂානිගේ ඇඳුම්, කෝප්ප තිබෙන මේසය වෙත ගොස් එහි ඇති නොසේදූ භාජන වගයක් ගෙන වාට්ටුවේ කෙළවර ඇති සේදුම් කාමරය වෙත යයි. ඒ අවසරයෙන් රුෂානි නැවත ඇගේ යෙහෙලියට ඇමතුමක් ගනී.
රුෂානි- බලපන්කො බං අර ගෑනි ආවනේ..
ඔව් ඔව් බං අක්කා
බලපන්කෝ උඹට අයියව සෙට් කරන්න තිබ්බ චාන්ස් එක අපරාදෙ බං. උඹ එන්නෙපා අද.. මං මොකක් හරි කරන්නම්කෝ.. මේ කසාදෙ කඩලා දානකම් මට ඉවසිල්ලක් නෑ..

මේ අතර රුෂානි යෙහෙලියට ඇමතුම ගන්නා විටම රුෂානිගේ ඇඳ පිටු පසින් වාට්ටුව වෙත එමින් සිටි සෙනුරට මෙම සංවාදය කන වැකෙයි. අසා සිට කිසිදු වෙනසක් නොපෙන්වා ඇය වෙතට පැමිණ සුවදුක් විමසා මඳ වේලාවක් හිඳ සේයාත් සෙනුරිත් පිටම යති.
නිවසට පැමිණ බොහෝ වේලා කල්පනා කර කර සිටි සෙනුර සේයාට මෙසේ පවසයි,
සේයා…ඔයා දවල් කීව දේ ගැන මම ගොඩක් හිතුවා. ඔයා කියපු එකෙත් ඇත්තක් තියෙනවා.. අපි අපේ පාඩුවේ නිදහසේ ඉමු. ඒකෙන් අපිට ඉස්සර හිටිය වගේම සතුටින් ඉන්න පුලුවන් වේවි.
සේයා පුදුමයෙන් මෙන් ඔහු දෙස බලා.. සතුට ඉතිරෙන මුහුණින්,
ඔයා මාව තේරුම් ගත්ත එකම මට ඇති. ඉතින් අපි මොකද කරන්නේ?
හ්ම්ම්..හොඳම දේ අපි වෙන තැනකට යමු. වෙන ගෙයක් හරි රෙන්ට් එකට හරි ගමු.
ඒක නම් ගොඩක් හොඳයි සෙනුර. ඒක මට නම් ඇත්තටම මානසික සහනයක්.
මට මීට වඩා ඔයා ගැන හිතන්න තිබුණා සේයා. ඔයා දෙයක් කියන්නේ හේතුවක් ඇතිව කියලා මට තේරුම් ගන්න තිබුණා..මට සමාවෙන්න.
ඒකට කමක් නෑ සෙනුර..රෑට අද ඔයා ආසම කෑමක් මම හැදුවා. ආ මෙන්න මේ බත් එක කන්න.. ඒ ගමන් මටත් කටක් කවන්න..

නිමි.

Facebook
Facebook