දැනුමින් පිබිදුණු ලොවක් උදෙසා..

මිනිස් වර්ගයා ලෝකයේ බිහිවී මේ දක්වාම යම් ආකාරයක දියුණුවක් ලබා ඇත්තේ එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමට, කියවීමට , ලිවීමට සහ සවන් දීමට ඇති හැකියාව නිසයි. මේ හැකියාව සාක්ෂරතාවයි. මොළයෙන් උසස් මිනිස් ජීවියා තුළ තිබිය යුතුම දෙයක් විදියට සාක්ෂරතාව අපිට හඳුනා ගන්නට පුලුවන්. මේ සාක්ෂරතාව ඉහළ මට්ටමක ඇති පුද්ගලයාට හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ නිවැරදි තොරතුරු, වැරදි තොරතුරු, සදාචාරාත්මක බව සදාචාර විරෝධී දේවල් නිවැරදිව හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා. දැනුමින් පිරිපුන් සමාජයක මේ සාක්ෂරතාව ඉහළයි. ලෝකයේ මේ සාක්ෂරතාව 100% පවතින රටවල් පවතින බව ඔබ දන්නවාද ? ඇන්ඩෝරා රාජ්‍යය, ෆින්ලන්තය, වතිකානය වැනි රටවල මේ සාක්ෂරතා මට්ටම 100%ක අගයක් ගන්නවා. ඒ වගේම සාක්ෂරතාවය අවම රටවල් විදියට දකුණු සුඩානය,ඇෆ්ගනිස්තානය,නයිජර් රාජ්‍යය වැනි රටවල් හඳුනා ගන්නට පුලුවන්.

ඉතින් මේ කියවීමට ලිවීමට තේරුම් ගැනීමට ඇති හැකියාව මඟින් ලෝකය දිනෙන් දින ඉහළ දියුණුවක් කරා ගෙන යන්නට මිනිස් වර්ගයාට හැකිවී තිබෙනවා. මිනිසා සතු මේ අසම සම හැකියාව නිසා ලොව උසස් ජීවීන් කොට්ඨාසයක් බවට ඔවුන් නිසැකයෙන්ම හඳුන්වන බව ඔබත්, මමත් දන්නා සත්‍ය කරුණක්. මේ සාක්ෂරතා දිනයේදී ඔබේ සාක්ෂරතා දැනුම වැඩි දියුණු කරගන්නට නම්, පොත පතින්, අන්තර්ජාලයෙන් පමණක් නොවෙයි, අවට වටපිටාවෙනුත් තොරතුරු එක් රැස්කරගෙන බුද්ධිමත්ව ඒවාට ප්‍රතිචාර දැක්විය යුතුයි. දැනුමින් සන්නද්ධව පිබිදෙන දැයක් උදෙසා බ්‍රැන්ඩික්ස් අප හැකි සෑම විටම අවැසි දිරිය ශක්තිය දැයට තිළිණ කරන්නට වගවී සිටිමු.

Facebook
Facebook