‘ඔයාලට ටොස් සැලඩ් එකක් හදාගන්න හැටි මං කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපි ලෙටූස් කපන්නෙ නෑ. අපි ඒවා පොඩි පොඩි කෑලි වලට කඩනවා. අපට පුළුවන් තමන් කැමති එළවළු වගේම පලතුරක් උනත් මේ සැලඩ් එකට එකතු කරගන්න. මේ සලාදෙට තක්කාලි කොටු විදිහටත්, ළූණු රවුම් විදියටත් කපාගන්න ඕනි. මේ සලාදෙට අපි තක්කාලි, ළූණු, කොළ පිපිඤ්ඤා එකතු කරගන්නවා. සැරට ඕනි නම් මාළු මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ලුණු, ගම්මිරිස්, ඔලිව් ඔයිල්, ස්වල්පය බැගින් එකතු කරගන්නවා. ඒ වගේම දෙහි ස්වල්පයකුත් එකතු කරගන්නවා. අන්තිමට, මේ ටික සේරම ලොකු භාජනේක දාලා ටොස් කරගන්න ඕනි.’
ඒ වගේම කෑම පිළියෙල කිරීමට අවශ්‍ය උපාංග පාවිච්චි කිරීමේදී අනුගමනය කරන්න ඕනි ආරක්ෂක පිළිවෙත් අප එක්ක බෙදාගන්නත් ඔහු අමතක කළේ නෑ.