අද වියමන් ටීවී ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනෙන් අප සමඟ කතාබහට එක්වන්නේ බ්රැන්ඩික්ස් සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂ නඳුන් ප්රනාන්දු මහතායි. ආයතනයේ දියුණුව සඳහා ආයතනික මට්ටමින් වගේම ආයතනයේ සාමාජිකයින්ට ද කරන්න පුලුවන් දේවල් ගැන අප ඔහු සමඟ සාකච්ඡා කළා.
මේ කතා බහේදී බ්රැන්ඩික්ස් ආයතන සමූහයේ ප්රධාන අරමුණු පිළිබඳව ඔහු සඳහන් කළා. මුලින්ම On Time Delivery එහෙම නැත්නම් ගැණුම්කරුවන්ට පොරොන්දු වුණ ආකාරයටම, නියමිත දිනයටම, නිසි ප්රමිතියෙන් යුතුව ඇඟලුම් නිෂ්පාදන ලබාදීම ආයතනයේ ප්රධානම අරමුණක් බව ඔහු කිව්වා. ඒ වගේම ආයතනයේ සේවය කරන සාමාජිකයන්ට ඉතා හොඳ මාසික ආදායමක් ලබාදීමත්, ගැනුම්කරුවන්ට මිළට ගන්න පුළුවන් වෙන විදියට අවම නිෂ්පාදන වියදමක් පවත්වාගැනීම තවත් ප්රධාන අරමුණු කියලා ඔහු සඳහන් කළා.