හරිතවත් ගමනක ජයග්‍රහණයේ අභිමානය

හරිත පැහැ සිහිනයක් දකින්න බ්‍රැන්ඩික්ස් අපි මුලපිරුවේ මීට වසර ගණනාවකට කලින් ඉඳලයි. ඒ සිහිනය ඉලක්කයක් කරගෙන ඒ පසුපස හඹා යන්නට එකම පවුලක් විදියට බ්‍රැන්ඩික්ස් අපිට පුළුවන් වුණා. ලොව ප්‍රමුඛතම ඇඟලුම් සන්නාමයක් වන බ්‍රැන්ඩික්ස් අපි, අපේ කර්මාන්තශාලාවල කාබන් විමෝචනය ශූන්‍ය තත්ත්වයට ගෙන එන්න පියවර ගත්තා. ඒ ගමනේදී අපිට මේ 2023 අවුරුද්ද වෙනකොට කර්මාන්තශාලා 6ක කාබන් විමෝචනය ශුද්ධ ශූන්‍ය තත්ත්වයට ගේන්න හැකි වුණා කියන ජයග්‍රාහී පණිවුඩය අපි ඔයාලා එක්ක බෙදා ගන්නේ හරිම අභිමානයෙන්.

අධික කාබන් විමෝචනය නිසා පරිසරයට වන හානිය ඉතා විශාලයි. කර්මාන්තශාලාවක් ලෙස එම හානිය අවම කර ගනිමින් පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රැන්ඩික්ස් මඩකලපුව ආයතනය 2019 වර්ෂයේදී ශුද්ධ ශූන්‍ය කාබන් සහතිකය දිනා ගත් ලොව ප්‍රථම ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත් වුණා. එය බ්‍රැන්ඩික්ස් අපේ ගමනේ දැවැන්ත පියවරක් වුණා. මේ වෙනකොට  බ්‍රැන්ඩික්ස් වතුපිටිවල 1 සහ 2 ආයතනය, බ්‍රැන්ඩික්ස් වතුපිටිවල 3 ආයතනය, බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය, බ්‍රැන්ඩික්ස් මීරිගම 1 ආයතනය සහ බ්‍රැන්ඩික්ස් මීරිගම 2 ආයතනය කාබන් විමෝචනය ශුද්ධ ශූන්‍ය තත්ත්වයට පත් කළ කර්මාන්තශාලා අතරට එකතු වී තිබෙනවා.

බ්‍රැන්ඩික්ස් හරිත තිරසර ව්‍යාපෘතියේ එක් ඉලක්කයක් තමයි 2030 වසර වන විට සියලු බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවල කාබන් විමෝචනය ශුද්ධ ශූන්‍ය තත්ත්වයට ගෙන ඒම. මේ හරිත චාරිකාවේදී බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් වන ඔයාලාගේ සහයෝගය අපිට ලැබුණා වගේම අපි එය ඉතා අගය කරනවා. අපි හැමෝම එකට එක්වෙලා මේ ජයග්‍රාහී ගමන යමු!

බ්‍රැන්ඩික්ස් හරිත චාරිකාව ගැන වැඩිදුරටත් කියවන්න :
Facebook
Facebook