ස්මාටර් බ්‍රැන්ඩික්ස් සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී එයට අවශ්‍ය වන ඩිජිටල් සාක්ෂරතාව, උපාංග හා තාක්ෂණයත් බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ට ලබා දීමට කටයුතු සිදු කෙරෙනවා.
සම්පූර්ණ බ්‍රැන්ඩික්ස් සමාගමම ඩිජිටල්කරණය කිරීම ස්මාටර් බ්‍රැන්ඩික්ස් සංකල්පය හරහා සිදු කෙරෙන අතර ස්මාට් ෆැක්ට්‍රි ව්‍යාපෘතියෙන් බ්‍රැන්ඩික්ස් ආයතන හා ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලි නව තාක්ෂණය යොදා ගනිමින්, වඩා ගුණාත්මකව හා කාර්යක්ෂමව, ලෝක වෙළෙඳපොළේ තරඟකාරීත්වයට ගැළපෙන අයුරින් වඩා උසස් තත්ත්වයකට ගෙන එමින් ඉදිරියට යෑම බලාපොරොත්තු වෙනවා.
ස්මාටර් බ්‍රැන්ඩික්ස් සංකල්පය හරහා ආයතනයේ වැඩ කටයුතුත්, බිල්පත් ගෙවීම වැනි පුද්ගලික කාර්යයනුත් නව තාක්ෂණය භාවිතයෙන් සාමාජික සාමාජිකාවන් පහසුවෙන්ම කිරීම අපේක්ෂා කෙරෙනවා. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉදිරියේදී ආයතන වලට එකතු කිරීමට නියමිතයි. එසේම ඒ සඳහා බ්‍රැන්ඩික්ස් අපේ සාමාජික සාමාජිකාවන්ට අවශ්‍ය කරන පුහුණුවත් ඉදිරියේදී ලබා දෙනු ඇති.