තනන්නට විසල් දැයක් - දන්දෙමු ජල බිඳක්

‘ජලය ජීවය වේ’ යනුවෙන් කියමනක් ඔබ අසා ඇති. ඇත්තෙන්ම ජීවය තීරණය වන්නේ ජලය නිසාද ?  නිසැකයෙන්ම එයට පිළිතුර ඔව් යන්නයි.  බීමට පිරිසිදු ජල බිඳක්වත් නැති සතා සිවුපාවුන්, මිනිසුන් මේ ලෝකයේ කොපමණ ඇත්දැ’යි ඔබ දැනුවත් ද? ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝකයේ සෑම පුද්ගලයින් 3න් දෙනෙකුගෙන් එක් අයෙකුට සෞඛ්‍යාරක්ෂිත ජලය ලබා ගත නොහැකියි.  ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය සලකා බැලුවොත් 35.6%ක  සැලකිය යුතු පිරිසකට පිරිසිදු ආරක්ෂිත ජලය ලබා ගැනීමේ ගැටලු පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණවලින් දක්වා තිබෙනවා. මේ ඛේදනීය තත්ත්වය තේරුම්ගෙන ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ජල ගැටලුවලට පිලියමක් යොදන්නට, සාමාන්‍ය ජන ජීවිතය පුබුදුවාලන්නට බ්‍රැන්ඩික්ස් සමූහය විසින් වසර ගණනාවක සිට හරි අපූරු වැඩසටහන් රාශියක් කරගෙන යනු ලබනවා. ලෝකයේ ජල සම්පතෙහි වටිනාකම අගයන අද දිනයේ ඒ අපූරු මනුසත්කාර වැඩසටහන් පිලිබඳ සැකෙවින් දක්වන්නටයි මේ සූදානම් වන්නේ.

ලංකාවේ බ්‍රැන්ඩික්ස් ආයතන පිහිටා තිබෙන ප්‍රදේශ අවට ජල ගැටලුවලින් පෙළෙන සාමාන්‍ය ජනතාවටත්, ලංකාවේ ජල ගැටලු තිබෙන අනෙකුත් තෝරා ගත් ගම්මානවලටත් වසර 10 කටත් වඩා වැඩි කාලයක සිට ජල ව්‍යාපෘති අප විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. මෙවැනි ජල ව්‍යාපෘති 4300කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් බ්‍රැන්ඩික්ස් සමූහය විසින් ක්‍රියාත්මක කර හමාරයි. ඒ ව්‍යාපෘති නිසා ප්‍රතිලාභ ලබන පුද්ගලයින් ගණන 30, 000 ක් පමණ වනවා. මේ ප්‍රමාණය පවුල් 17, 000ක පුද්ගලයින්ගේ එකතුවක්. ඒ වගේම බ්‍රැන්ඩික්ස් අපි විසින් නිර්මාණය කළ ආදර්ශ ගම්මාන ව්‍යාපෘති ගණනින් 360කට වැඩියි. මේ ගම්මානවලින් ප්‍රතිලාභ ලබන පිරිසත් ආසන්න වශයෙන් ලක්ෂ තුනකටත් වඩා වැඩි අගයක් ගන්නවා. ඉතින් මේ සා විශාල පිරිසකට ජල අවශ්‍යතාව සැපිරීම සැබවින්ම ලේසි පහසු කටයුත්තක් නම් නොවේ. සමස්තයක් විදියට සැලකුවොත් 2024 වසර වනවිට බ්‍රැන්ඩික්ස් සමූහ ජාලය විසින් ජල ව්‍යාපෘති, ආදර්ශ ගම්මාන වැනි ලාංකේය ප්‍රජාවගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ව්‍යාපෘති 4674ක් නිර්මාණය කර තිබෙනවා.

මෙවැනි සාමාන්‍ය ජන ජීවිතය වඩාත් යහපත් තැනකට ගෙන ගොස් ඔවුන්ගේ ජීවිතය පුබුදුවාලීමේ බ්‍රැන්ඩික්ස් මහඟු මනුසත්කාර වැඩසටහන් ලාංකේය ජනතාවට චිරාත් කාලයක් ලබාදීම බ්‍රැන්ඩික්ස් අපේ බලාපොරොත්තුවයි.