දක්ෂයන් කිරුළු පැලඳි ‘විශිෂ්ටයන්ගේ අභිෂේකය’

දක්ෂතා පිරි තාරුණ්‍යයේ තෝතැන්නක් වූ බ්‍රැන්ඩික්ස් ඒ දක්ෂයන්ට ඉතාමත් වටිනා වේදිකාවක් බව ඔයාලා හැමෝම දන්නවා. සිය දක්ෂතා තුළින් ඉදිරියටම ගොස් ජීවිතය ජය ගන්නට බ්‍රැන්ඩික්ස් සිය සාමාජික සාමාජිකාවන්ට හැකි සෑම විටම අවස්ථාව සලසා දෙන්නේ සාමාජික සාමාජිකාවන්ගේ වටිනාකම අප හොඳින්ම හඳුනන නිසයි.

හැකියාවෙන් රැකියාවට වටිනාකමක් දෙන සාමාජික සාමාජිකාවන් අභිෂේක ගන්වන්න බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල 02 ආයතනය පසුගිය දා කටයුතු කළා. ‘විශිෂ්ටයන්ගේ අභිෂේකය’ නමින් වැඩසටහනක් සංවිධානය කළ එම ආයතනය රැකියාවෙන් දස්කම් පෙන්වූ සාමාජික සාමාජිකාවන්ට තිළිණ බෙදා දීමක් සිදු කළා.

ආයතනයේ සියලු සේවා අංශයන්හි සිටින දක්ෂයන් තෝරා ගැනීම මෙන්ම අදාළ මාසයේ දක්ෂතම කණ්ඩායම තෝරා ගැනීම ද සිදු කෙරුණා. කණ්ඩායම්වල සියලු සාමාජිකයන්ට තිළිණ හිමි වූ අතර ආයතනයේ සාමාන්‍යාධිකාරීතුමා, මානව සම්පත් කළමනාකාරතුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ සියලු සාමාජික සාමාජිකාවන් ද මෙම වැඩසටහනට සහභාගී වුණා.

 

Facebook
Facebook