හරිත තිරසර හෙටක් උදෙසා

විශ්වයේ විස්මිත නිමැවුමක් වන පරිසරය ලෝකයේ සියලුම ශාකවලත්, සතුන්ගේත් එකතුවක්. මේ පරිසරයත් ඊට අයිති ජීවීනුත් සුරැකුනොත් පරිසරය සදාකාලයටම ආරක්ෂා වනු ඇති. පරිසරයෙන් වැඩිපුරම ප්‍රයෝජන ගන්නාවූත්, ප්‍රතිලාභ ලබන්නා වූත් මිනිසුන් වන අපි, දිවි හිමියෙන් පරිසරය ආරක්ෂා කරගත යුතු වෙනවා. මෙවර ජාත්‍යන්තර පරිසර දිනය ‘කාන්තාර ඇති වීම වලක්වා, නැවත සරු බිමක් ඇති කිරීම’ තේමා කරගනිමින් පැවැත්වෙනවා. ලෝකයේ සියලු ජනතාවට පරිසරය සුරැකීමේ අවශ්‍යතාව වටහාදෙමින් වසරකට වරක්  ලෝක පරිසර දිනය පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංගමය කටයුතු කර තිබෙනවා.

මේ මිහිතලය වෙනුවෙන් නිරතුරුවම ආදරයෙන් සලකන බ්‍රැන්ඩික්ස් අපි, වායුගෝලයේත්, ජලයේත්, පොළොවේත් යහපත වෙනුවෙන් කැපවන්නෙමු. ඒ සඳහා නෙට් සීරෝ (Net Zero) ව්‍යාපෘතිය මඟින් පරිසරයට කාබන් නිකුත් වීම ශූන්‍ය කරමින් ද, ජල භාවිතය 25%කින් අඩු කරමින් ද, මිහිතලයට කිසිදු ඝන අපද්‍රව්‍යයක් මුදා නොහරිමින් ද හැකි සෑම විටම පරිසරයේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්නේම මිහිතලයට ආදරය නිසාවෙන්මයි. හරිත තිරසාර අනාගතයක් වෙනුවෙන් විවිධ රුක් රෝපණ වැඩසටහන්, පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම වැනි සුවිශාල ක්‍රියාන්විතයන් දියත් කරන්නට බ්‍රැන්ඩික්ස් සමූහය දීර්ඝ කාලයක සිට කටයුතු කරනවා. ඉතින් පරිසරයේ අගය වටහාගෙන මිහිතලයට ආදරය රැගෙන එන සිතුවිලි ක්‍රියාවට නංවන්නට ඔබටත් බ්‍රැන්ඩික්ස් අපි ආරාධනා කරන්නේ හද බැඳි සෙනෙහසින්. අපේ ජීවනාලිය බඳු පරිසරයේ යහපත වෙනුවෙන් ඉදිරියටත් හැකි සෑම දායකත්වයක්ම ලබා දෙන්නට මිහිකතට ළැඳි බ්‍රැන්ඩික්ස් සමූහය නිරන්තරයෙන් සැදී පැහැදී සිටින්නෙමු.