නැඟණිය

සොයා රුපියල් සත
පා නැඟූ විට අගනුවරට
පුරවර සිරි දුටු කල
අමතක වුණි ද නුඹ ආ මඟ
විෂ බඹර තුඩුවල
පහස ලද නොඉඳුල් මල
අතින් අත යවමින්
උන් සොයයි කාසි යහමින්
දිනක නුඹ ආ මඟ
නැවත මතකෙට ආ කල
හැරී යා නොහැක සපු මල
නුඹ ගොසින් මහ දුරක්
ආපසු යා නොහැකි තරමට

දිල්රුක්ෂි
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook