ඓතිහාසික වැවුරුකන්නල බුදුරජ මහා විහාරය

දකුණු පළාතේ දික්වැල්ල, වැවුරුකන්නල ප්‍රදේශයේ පිහිටි වැවුරුකන්නල රජමහා විහාරය ‘වැවුරුකන්නල බුදුරජ මහා විහාරය’ ලෙස ද හඳුන්වනවා. එයට හේතුව වන්නේ විහාරස්ථානයේ පිහිටි සිය රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේයි. එම සිය රියන් පිළිම වහන්සේගේ සිරසේ කාමරයක් වැනි කොටසක් තිබෙන අතර බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සිංහල හා පාලි භාෂා දෙකෙන්ම තඹ පත්වල මුද්‍රණය කර එහි තැන්පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ විශාලම ඔරලෝසුව ද වැවුරුකන්නල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙනවා.

මහනුවර යුගයේ රාජාධිරාජසිංහ යුගය දක්වා වැවුරුකන්නල රජමහා විහාරයේ ඉතිහාසය ඉපැරණිය. බුදු ගෙවල් තුනකින් සමන්විත වැවුරුකන්නල රජමහා විහාරයේ පැරණිතම බුදු ගෙය 1870 වසරේදී නිර්මාණය කර තිබෙනවා.

අකුසල් කරමින් සංසාර ගමනේ නිමක් නැතිව යන මිනිසුන්ට එහි පල විපාක පෙන්වීම සඳහා නරකාදියෙහි දෙන දඬුවම් සිතුවමින් මෙන්ම මූර්තියෙන් ද නිර්මාණය කර තිබීමත් කුසල් කරමින් දිව්‍ය ලෝකයේ සැප සම්පත් ලැබිය හැකි බවත් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. ඓතිහාසික පූජා භූමියක් වූ වැවුරුකන්නල රජමහා විහාරය වන්දනා කිරීමට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද නිරන්තරයෙන් පැමිණෙනවා.

Facebook
Facebook