ඔසවමින් පා යුගල
පිය නගන මාවතේ
නෙක වර්ණ මල් පිපී
සුවඳ දෙයි දස අතේ
ඒ සොඳුරු මල් අතර
වහං වූ කටු තියේ
නපුරු කටුවලට නුඹේ
සියුම් අත් පෙති රිදේ
නපුරුකම් රුදුරුකම්
කියු නමුදු දියණියේ
කළු පාට ලෝකයක්
නම් නොවේ ජීවිතේ…
එච්.පී. සුරංගිකා ගුණසිංහ
බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය