වසන්තයේ සොඳුරු සුයාමය Purple Hearts

සංගීතයට පුළුවන් හදක විඩාව නිවන්න වගේම හදක් සුවපත් කරන්න. රටේ ආර්ථිකය ගොඩනංවන්න වෙහෙසී රාජකාරි කරන අපේම සාමාජික සාමාජිකාවන්ගේ විඩාබර මනස සංගීතයෙන් ප්‍රබෝධවත් කරන්නට බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය ‘Purple Hearts – වසන්තයේ සොඳුරු සුයාමය’ නමින් සංගීත වැඩසටහනක් සංවිධානය කළා.

ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණ Purple Range සංගීතයෙන් හැඩ වුණ මේ වැඩසටහනට ජනප්‍රිය ගායක ගායිකාවන් ද සහභාගී වුණා. ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ ඉල්ලීම් අනුව ඔවුන් ප්‍රිය කරන ගායක ගායිකාවන් මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න ආයතනයේ කළමනාකාරීත්වය කටයුතු කළා.

බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ සේවය කරන ගායන හැකියාව ඇති සාමාජික සාමාජිකාවන්ට ද ගීත ගායනා කිරීමට අවස්ථාව මේ වැඩසටහනේදී හිමි වුණා. ඉතා උද්‍යෝගයෙන් සහ සතුටෙන් එම මොහොත අප සාමාජික සාමාජිකාවන් රස විඳි අතර සියලු දෙනාගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ද වැඩසටහන සම්බන්ධයෙන් අපිට ලැබුණා.

Facebook
Facebook