වඳිමු මුනි සිරි පා

පින්බර මළුව මුදුනට නැඟ එන පහන
සුන්දර වන්දනාවක අප යෙදෙන කල
ලෝසත පිනට යොමු වන මහ බල මහිම
බෝසත් පා පියුම මත හිස තබනු මැන

හෙල් මඟ දුර ගෙවා රෑ ගමනක යෙදෙන
සමහර ඈයෝ දහවල් වැඳගන්න යන
සී පද කියා බැතියෙන් කරුණා කරන
වැඳගමු අපිත් මුනි සිරිපා කඳු මුදුන

සත්‍යා කොඩිකාර
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook