පෝය හඳ

කළුවරට තිත තියා බිඳෙන් බිඳ
පුන්සඳක් හිනැහුණා දුරින් හිඳ
මගේ ඇස් අගිස්සේ සැඟව හිඳ
නුඹ දුන්නු ආදරය කොහිද අද

බෝපතක් සෙලවෙනා සුවය විඳ
අසපුවේ පිළිමයට උඩින් හිඳ
නහවනා හැටි ලොවම දියෙන් සඳ
ළඟ නැතත් දුර ඉඳන් බලනවද

පෙරදාක පෙම් හැඟුම් දහක් මැද
ලස්සනට සුපිපුණා පොකුරු වද
මා ළඟම සැතපිලා විඳින ලද
ආදරය බිඳ දමා ගිහින් සඳ

මුළු ලොවක් පෙම් කරන අහසේ හිඳ
තරු පොකුරු ඉඟි කළා සැඟව හිඳ
පුර හඳට පෙම් කරපු මටම අද
සරදමට හිනැහුණා ඇවිත් සඳ

නීෂා මදුරංගි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook
Facebook