නුඹේ ප්‍රේමය

සොඳුරු වරදක්
ලෙසින් දැනුනත්
මගේම කරගත්
නුඹේ ප්‍රේමය

හමන පවනක
සිසිල ගෙන දුන්
ලොවම සැනසූ
නුඹේ ප්‍රේමය

කඳුළුවල තෙත
පුපුරුවන හද
මෙ මට ගෙන දුන්
නුඹේ ප්‍රේමය

ළංව වෙන්වෙන
නැවත හිමි වන
ලොවට නොදැනුන
මගේ ප්‍රේමය

සුමුදිනී කුමාරි
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook