සඳ කුමාරි

දිවිය පුරා සුවඳ රැගෙන
වසන්තයට පාර කියන
සඳවතියට රූපේ දුන්න
සඳ කුමාරි මං

දිවි කතරට පවන් රැගෙන
දිය දහරක් වී සනසන
පහස නිවන මද්දහනට
පින්කාරිය මං

සුමුදිනී කුමාරි
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook