සුරතල් දියණියේ

කිරි කෝඩු ඇස් අගට
නෑ කඳුළු දෙන්නේ මං
පණ වගේ රැක ගනිමි
පුංචි සඳ සාවියේ

නුඹ පැමිණි දා පටන්
අපේ අඳුරු ලෝකයට
රන් රුවන් බැබළුණා
පින් මහිමයට නුඹේ

මේ රුදුරු ලෝකයට
සොඳුරු පුන් සඳක් වී
ජය ලබා ජීවිතේ
හිනැහියන් මගේ දුවේ

බී. තේජා කුමාරි
බ්‍රෑන්ඩික්ස් නිවිතිගල ආයතනය

Facebook
Facebook