සිහින පාට කරන P.A.C.E.

සිහින දහසක් පොදි බැඳන් රැකියාවකට යන ඔයාට ඒ රැකියාවෙන් ඉදිරියට යන්න නම් හැකියාවන්, දැනුම විතරක් නෙමෙයි ජීවිතයේ ඉදිරියට යන්නේ කොහොමද කියන මාර්ගෝපදේශ පවා ඔයාව වැඩිදියුණු කරගන්න වැදගත් වෙනවා. P.A.C.E. වැඩසටහන මගින් බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ට වෘත්තීය හා පෞද්ගලික ජීවිතයට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දී ජීවිතය සමබරව ගෙන යන්න මඟ පෙන්වන්න අපි කැප වෙන්නේ ඒ නිසයි.

බ්‍රැන්ඩික්ස් පියසේ 4,000කට අධික වූ P.A.C.E. බලකායට බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද පසුගිය දා එක් වුණා. මාස තුනක කාලයක් පුරා කැපවීමෙන් කටයුතු කරමින් P.A.C.E. වැඩසටහන සාර්ථකව නිම කළ ඔවුන්ට සහතික ප්‍රදානය කිරීම එහිදී උත්කර්ෂවත් අන්දමින් සිදු වුණා. බ්‍රැන්ඩික්ස් මීරිගම 1 සහ 2 ආයතනවල තෝරාගත් කණ්ඩායම් පහක් මෙම පුහුණු වැඩසටහන සඳහා සම්බන්ධ වුණා.

එම සාමාජික සාමාජිකාවන්ට සහතික ප්‍රදානය කිරීමේ වැඩසටහනට බ්‍රැන්ඩික්ස් සමූහයේ මානව සම්පත් ජ්‍යේෂ්ඨයින් වන දිනූෂා ජයමාන්න, ජිනේන්ද්‍ර පද්මසිරි, වාසනා මෛත්‍රී සහ සුජිත් ජයසේකර යන මහත්ම මහත්මීන් සහභාගී වුණා.

රැකියාවත් පෞද්ගලික ජීවිතයත් සමබරව ගෙන යන්නත්, තම සිහින රිසි සේ වර්ණ ගන්වා ඒ සිහිනවලට පියාපත් දෙන්නත් ඒ සියලු සාමාජික සාමාජිකාවන්ට හැකි වේවා කියා වියමන් අපි සුබ ප්‍රාර්ථනා කරනවා!

Facebook
Facebook