සිනා පිරුණු ආදරයක්

නොගැළපෙනා සිංදු කෑලි
කෝලම් කර මෙමට කියයි
කතන්දරේ කිව්වේ මං
තේරුණා ද මගෙන් අසයි

මොනවා හරි කියව කියව
බොරුවට යළි රණ්ඩු කරයි
අමනාපව මා ගිය විට
කොනිත්තලා සිනා සලයි

කෝපම වෙන කතා කියා
පිස්සෙක් වාගේ දඟලයි
විසේ වුණත් කොල්ලෝ මම
නුඹ හට ආදරේ තමයි

සුමුදිනී කුමාරි
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook
Facebook