ගෝලීය උණුසුමට වැට බඳිමු

ගෝලීය උණුසුම සහ දේශගුණ විපර්යාස කියන්නේ අපි වර්තමානයේ මුහුණ දෙන විශාලම පාරිසරික අභියෝග දෙකක්. පහුගිය දවස්වල ඉඳලා දැනෙන අධික උණුසුමෙන් මිනිස්සු වන අපිට විතරක් නෙමෙයි ගහකොළ, සතා සිවුපාවාට පවා එහි බලපෑම දැනෙනවා. අධික උණුසුම එක්ක ශරීරයට දැනෙන තෙහෙට්ටුවට අමතරව මානසික සෞඛ්‍යයට පවා එය බලපාලා බව ඔයාලට දැනෙනවා ඇති. තරහ යාම, ආවේගශීලී බව ආදියත් අධික උණුසුම එක්ක වැඩිවෙලා බව ඔයාලට දැනෙන්න ඇති. ඉතින් අධික ලෙස පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම පරිසරයට මොන තරම් බලපානවා ඇත් ද කියලා ඔයාලට හිතාගන්න පුළුවන් නේද?

හරිතාගාර වායු එකතු වීම නිසා පෘථිවිය මතුපිට උෂ්ණත්වය ඉහළ යාම ගෝලීය උණුසුම වැඩි වෙන්න හේතු වෙනවා. පොසිල ඉන්ධන දහනය, කාර්මික ක්‍රියාවලි වගේ මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ විදියට හරිතාගාර වායු නිකුත්වෙලා ඒවාගේ බලපෑමෙන් තමයි ගෝලීය උණුසුම ඉහළ යන්නේ. ගෝලීය උණුසුම ඉහළ යාම නිසා කාලගුණයේ වෙනස්කම්, අයිස් තට්ටු දියවී යාම, මුහුදු මට්ටම ඉහළ යාම වගේ මුළු පෘථිවියටම හානිකර බලපෑම් සිද්ධ වෙනවා. උෂ්ණත්වය මේ විදියට ඉහළ යාම පාලනය කරන්න නම් ඒකට බලපාන ක්‍රියාකාරකම් පාලනය කරන්න අපිට සිද්ධ වෙනවා. ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන බ්‍රැන්ඩික්ස්, ගෝලීය උණුසුම ඉහළ යාම අවම කරන්න අපිට ගන්න පුළුවන් හැම පියවරක්ම ගන්න කටයුතු කළේ ඒ නිසයි.

ලක්ෂයකට අධික පැළ ප්‍රමාණයක් රෝපණය කර මිහිමව වෙනුවෙන් තිරසර අනාගතයක් හදන්න අපි පියවර ගත්තා වගේම පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් අපේ නිෂ්පාදන කර්මාන්තශාලාවල වැඩ කටයුතු කරන්නත් අපි පියවර ගත්තා. ඒ වගේම ගෝලීය උණුසුමට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් අපි ගන අපද්‍රව්‍ය ප්‍රමාණය 0% දක්වා ගෙන එන්න කටයුතු කර තිබෙනවා. ඉදිරියේදීත් ආයතනයක් ලෙස අපිට පරිසරය වෙනුවෙන්, ගෝලීය උණුසුම අවම කිරීමට දායක වීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගන්න අපි සැලසුම් කරනවා. තිරසර අනාගතයක් වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු.

Facebook
Facebook