කඳුළු සඟවා හඬන අම්මා

මහලු නිවසක දිවි ගෙවන
නුඹේ අම්මා
එදා නුඹ වෙනුවෙන්
රැයෙත් දුක් වින්දා
සීතල නොදැනෙන්න
තුරුලු කර පොරවා
අනේ නුඹ හදපු මව
තනිව අද හැඬුවා

මහලු නිවසක හඬන
අහිංසක අම්මා
හඬන ඒ සුසුම්
වා තලයේ සඟවා
දුක් සුසුම් හදවතේ
හැම තැනම රිංගා
රිදුම් දෙයි මගෙ පුතේ
දුක් කඳුළු හංගා

ප්‍රේමතිලක
බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනය

Facebook
Facebook